බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
“ඊයියා..” යි පුංචි පුතා පිළිකුලෙන් හඬ ගෑවේ ය.
බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
හියු ලෙවින් දකුණු අප්‍රිකානු සුද්දෙකි. එංගල් බ්‍රෙෂ්ට් ද එසේම ය. බෝයර් ජාතිකයෙකු වූ ඔහු දකුණු අප්‍රිකාවට ආ සුද්දන්නට විරුද්ධව සටන් කළේ ය. පරාජය වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ ය.
“පුතේ! අපි පන්සලේ ඉඳල එද්දී කුමාරසිංහ වත්තේ කැලේ අද්දර මුව ජෝඩුවකුයි පැටියෙකුයි දැක්කනෙ” මීට වසර අටකට පමණ පෙර දිනක ගල්කන්ද රජමහා විහාරයේ සිල් සමාදන් ව පසුදා නිවසට පැමිණි මගේ මව මා හට සැළ කළේ විස්මිත ආරංචියකි. එය විස්මය දනවන ආරංචියක් වූයේ මගේ බාල අවදියේ (60 දශකයේ) පටන් ම කිසි දිනෙක අප ගම් පළාතේ මුවන් සිටිනු මා දැක නැති හෙයිනි.
සයිමන් නවගත්තේගම මහතා පණ්ඩුකාභය නාටකය සඳහා ගී පද රචනා කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක් කළේ ය. ඔහු විසින් ගෙදරට ම පැමිණ මෙම ඉල්ලීම වාර ගණනාවක දී ම කරනු ලැබූව ද එදවස උකටලී සිතින් යුතුව සිටි මම පණ්ඩුකාභය නාටකය සඳහා ගීත රචනයට එතරම් උනන්දුවක් නොදැක්වීමි.
අඹ ගහ යටට එක් රැස්වන පුංචලාටත් පැංචිලාටත් හදිසියේම පණිවිඩයක් ආවා. ඒ පන්සලේ ලොකු සාදුගෙන්. පණිවිඩේ අරන් ආවේ පන්සලේ ඇබිත්තයා හැටියට වැඩකරන කළු මාමා.
මීදුම් සළුව ඉහිරී අරුණලු කෙඳිති පොල් රූප්පාවෙන් එබිකම් කරන මොහොත නෙතට රසඳුනකි. කො වේ මා වේ දෙපස තුරුවියන ගතට ද සැනසුමකි. ක්ෂූද්‍ර වීදියක් මහා වීදියක් බවට පරිවර්තනය වෙමින් පවතින පන්නිපිටිය - දෙපානම සරිය තවමත් ගතට සිතට විඩාවක් නොදෙනුයේ එම හේතුව ද නිසා ය.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1944 වසරේ බෝගම්බර හිරගෙදර සිටිය දී ලියූ “නිදහස් අධ්‍යාපනයේ ස්වරූප” නම් වූ ලියැවිල්ල කියවද්දී මට වඩාත් ප්රත්යක්ෂව දැනෙන්ට පටන් ගත්තේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ උදාර වූ ජාතික මෙහෙවර. කන්නන්ගරයන් හැඳින්වෙන්නේ “නිදහස් අධ්‍යාපනයේ පියා” වශයෙන්. ඔහු පිළිබඳ අනුස්මරණ ලිපි කීපයක්ම පසුගිය දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු මා දුටුවා.
ගිය වසරේ අපට මන්නාරමට යෑමට උවමනා වුණා. එහි යද්දී මාර්ග බාධකවලට හසු වෙන බවත් ගුවන් බලපත්‍ර පෙන් වූ විට නැති කරදරවලට මුහුණ දෙන්නට වන නිසා හොඳම දේ ජාතික හැඳුනුම්පත ඇති ව යාම බව මීට පෙර ඒ ගමන ගිය අයගෙන් ලැබුණ අවවාදයයි.
පෙර පාසල් යන කාලේ හැකි සෑම විටම ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට අප නිවසට දිව එන “නෙතු” දැන් පාසල් යයි. එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම අපි දෙන්නා කිසියම් දෙයකට ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ “නෙතූ” ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය.
අවිස්සාවේල්ලේ සිට හයිලෙවල් පාර ඔස්සේ කොළඹ බලා ඇදෙන පුද්ගලික බස්රිය ගමන් ඇරඹුවේ අලස සෙයියාවෙනි. ඒ එම බස් සේවයේ ස්වභාවයයි. ගමනේ මුල් කොටස ධාවනය වන්නේ හැකිතරම් මන්දගාමී ආකාරයට ය. පසුපස අසුනක සිටි මගේ ඇස් ද මඳින් මඳ අඩවන් වන්නට පටන් ගනියි. රියේ කොන්දොස්තර තැන ටිකට් නිකුත් කරන්නට පටන් ගත්තේ ය.
නැඟෙනහිර අහස ඉදුණු දංගෙඩියක පැහැය සොරා ගෙන ඇත. අතරින් පතර සිහින් විදුලි රේඛා ඇඳී මැකී යයි. විසල් තැනිතලාවේ වියළි තණපත් සුන්බුන් අතරින් ළා තණපත් මතුවෙමින් පවතී. තන්හි තන්හි සුන්දර පතොක් මල් සිනාසේ. අපි වාකරේ පසු කරමින් සේරුනුවරට ළඟා වෙමින් සිටියෙමු.
අද දවස ටිකක් කලබලයි. දන්නා කියන හැමෝම වාගේ අඹ ගහ යටට ඇවිත් හිටියා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ඉවරවීම ගොඩාක් අයගේ ගෙවල්වල ප්‍රශ්නයක් වෙලා තිබුණා. මහ උන් ඒ ගැන කතා කරද්දී පොඩි උන් කොන්වෙන එක නවත්වන්න විදිහක් තිබුණේම නෑ. අනෙක් අතට එක එක්කෙනා කීවෙ එක එක කතා.
දොළොස් මහේ පහනෙ කවි අච්චු ගහන්න භාර දුන්න අයි. පී. බී. කියන ප්‍රෙස් එක තියෙන්නෙ කොළඹ 10 මරදානෙ. කොටුවෙ ඉඳල ටෙක්නිකල් හන්දිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, එදා එල්ෆින්ස්ටන් ෆිල්ම් හෝල් (අද රඟහල) එකට ඉස්සරවෙලා වම් අත පැත්තට හැරෙන්න තියෙන්නෙ ඩේවිඩ් මාවත. ඒක කෙළවර වෙන්නෙ නොම්මර 32 අයි. පී. බී. ප්‍රෙස් එකෙන්.
70 දශකයේ අග භාගයේ පමණ මරදානේ ඩේවිඩ් මාවත පටන් ගන්නා තැන පිහිටි ග්ලෝබ් මුද්‍රණාලය අප නිතර ආගිය තැනක් විය. එහි අධිපතිනිය මල්ලිකා තිලකරත්න නම් වූ ඉහළ පෙළැන්තියේ කාන්තාවක වූවා ය. ඇය නැති තැන වැඩ බැලුවේ ඈ පුතු කෝසල නම් වූ කඩවසම්, ප්‍රියමනාප තරුණයා ය.
“විජේ,” යි කියමින් සිසිර මා ළඟට පැමිණියේ ය. මම හිස ඔසවා බැලුවෙමි.
මා මිත්‍ර මහාචාර්ය විමල් දිසානායක මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි. ලෝකයේ අනේකවිධ වියතුන් හා ප්‍රාඥයන්ද ඇසුරු කිරීමේ දුලබ භාග්‍යය ඔහු ලබා ඇත. සාහිත්‍යධරයන් ඇතුළු ලොව පිළිගත් නානා තරාතිරමේ පුද්ගලයන් ඔහුට ඇසුරු කිරීමට ලැබුණේ හවාහි ඊස්ට්වෙස්ට් ආයතනයේ අධ්යක්ෂවරයා වීමත් සමගය.
ගෙවුණු සත්වන ඉරුදින අපේ රටේ බොහෝ දෙනෙකුට අසිරිමත් දිනයක් විය. බාල, තරුණ, මහලු බොහෝ දෙන බලා සිටියේ රාත්‍රිය උදාවන තුරුය. කුසලානය අප සතු යයි සිතමින් බොහෝ ලාංකිකයෝ සිය නිවෙස්වල රූපවාහිනී යන්ත්‍ර වටා පෙළගැසුණහ.
යුද ගැටුම් පැවති අවුරුදු තිහක පමණ කාලයක් පුරා උතුරු නැඟෙනහිර පළාත්වල ජන ජීවිතය ගෙවුණ ආකාරය ගැන වැඩියෙන් ලියන්නය කියලා “බද්දර මල්ල” කියවන පාඨකයන් කීප දෙනෙක්ම විද්‍යුත් තැපෑලෙන් ඉල්ලා තිබුණා.
පුංචි පන්තිවල ඉඳන් වසරින් වසර ඉහළ යන ජීවිතයට අධ්‍යාපනයෙන් වැඩි වටිනාකමක් ලැබෙන්නේ සරසවි හීනය ජය ගත්තහම කියන එක තමයි පාසල් කාලේ අපි හැමෝගෙම හිතුවිල්ල වුණේ. හැම දරු දැරියෙක් ම උසස් පෙළ කඩ ඉමෙන් පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නේ සරසවි හීනයේ සතුට ඇස් අග රඳවාගන්න ආසාවෙන්.
ආචාර්ය පවුලස් එඩ්වඩ් පීරිස් දැරණියගල මෙරට හිටපු විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක්. ඔහු අන්තර්ජාතිකව පවා කීර්තිධර වූ පුරා විද්‍යාඥයෙක්. D.E.P Deraniyagala Commemortion Volume (1980) නම් වූ කෘතිය ආචාර්ය දැරණියගලගේ ශාස්ත්‍රීය සම්ප්රදාය ගැඹුරින් විමසා බැලෙන අගනා ග්රන්ථයක් ලෙස හඳුන්වා දෙන්ට පුළුවන්.
අපේ පන්ති කාමරයෙ පාර දිහාට ඇරුණු ජනේල තිබුණා. පන්තියට යාබදව විලෝ ගස් පේළියක් හිටගෙන හිටියා. හරි කෙළින් . ඒ විලෝගස් සුළඟට හෙලෙවුණෙත් අකමැත්තෙන් වගේ. ඉස්කෝලෙ තිබුණෙත් සුළඟකටවත් හෙලෙවෙන්නෙ නැති නීති. බස් එකේ ඉස්කෝලෙ එන ගෑනු ළමයෙක් හැමදාම පන්තියේ බුදුපහන දැල්වුවා.
වචන කියන්නෙ, බොහෝ දේ කියන, ඒවගේ ම බොහෝ දේ නොකියන අකුරු. සමහර වෙලාවට මේ අකුරු හුඟක් දුර්වලයි. තවත් සමහර වෙලාවට ඒව හරි ශක්තිමත්, කොන්ක්‍රීට්වලටත් වැඩි ය. අනිත් එක ඒව එළියට දැම්මට පස්සෙ ආයේ ඇදල ගන්නත් බෑ.
ටොම්සන් කොළඹ යාළුවන්ගේ රංචුවට එකතු වී සිටියේ ආරක්ෂාවට ය. රංචුවක් හැටියට හිටියේ නැතිනම් කන්ඩ දෙයක් හොයා ගන්ඩත් බැරි ය. ඒත් කොළඹ යාළුවන්ගේ රංචුවට ටොම්සන් ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත.
විහාරගෙයි යතුර දුටු විට කෙනෙකුගේ හිතට එකවර නැගෙන්නේ විස්මයකි. එයට හේතුව යතුරෙහි විශාලත්වයයි. අඩි එකහමාරක් විතර දිග ය. කිලෝ දෙක තුනක් විතර බර ය. සම්පූර්ණ පිත්තලෙන් පමණක් හදා ඇති යතුර යතුරු කවුළුවට බහාලන කොටස පමණක් නිමකොට ඇත්තේ යකඩෙනි.
වියරු වෙස් ගත් හිරු මහ පොළොව ද ගහ කොළ ද අතොරක් නැතිව දවයි. පුවක් ගස් වියළී මැරී යන්නේ වතුර නොමැතිව වැඩි කලක් අල්ලාගෙන ඉන්නට බැරි බව කියා පාමිනි. අඹ, කොහොඹ තවමත් කොළ පැහැයෙන් බබළන්නේ සැඩ හිරුට අභියෝග කරමින් වගේ ය.
විලිකුන් සුරත් පල වන් රතුපාට ඉරපාන නාගස්මණ්ඩිය මුදුනින් බස්නාහිර අහස දිහාවට සෙමින් සෙමින් ඇවිදගෙන යයි. වනපොත් කරමින් සිටි සාමණේර බණ දහම් පොතේ දකුණු පිටුවේ අග සිහින් කොටසක් නමා පොත ද වසා පොඩි හාමුදුරුවෝ ‘දැන් වේලාව හරියයි සිතින් තමාට ම කියා ගනිමින් හුනස්නෙන් නැගිට සිය කුටියේ දොර ද වසා දැමූහ.
දොළොස් මහේ පහන කවි පිටපත් කවි පොතක් විදියට මුද්‍රණය වෙලා එළිදකින සිහිනයෙ මනෝත් මමත්. සුනිල් ඒ සිහිනයෙ පැත්තක හිටියෙ, මොකද එයාගෙ විභාගෙ පාඩම් කටයුතුවලට මුල් තැන දෙන්න වෙච්ච නිසා. පිටපත මුද්‍රණාලයකට භාර දුන් පමණින් පොත බිහිවෙන්නෙ නැති බව මටත් මනෝටත් නිතර මතක් වුණා.
මිනිස්සු රස්සාවක් කිරීමේ ප්‍රධානම පරමාර්ථය වෙන්නෙ මුදල් ඉපයීම. ආත්ම තෘප්තිය පදනම් කරගෙන රස්සාව කරන අය හිටියත් ඒ ප්‍රතිශතය සාපේක්ෂව අවමයි. ලෝකෙ වගේම ශ්‍රී ලංකාවෙත් විවිධාකාරවූ රස්සාවල් තියෙනවා. ශ්‍රී ලංකාවේ තවමත් රස්සාවේ තත්ත්වය සැලකෙනවා. රැකියාවේ තත්ත්වය සමාජ තත්වයට සෘජුවම බලපානවා.
පිටුවහලුන්ගේ එහෙමත් නැත්නම් අවතැන් වූවන්ගේ සාහිත්‍යයක් ගැන ටික කාලෙක ඉඳලා කතාබහ කරනවා අපිට ඇහෙනවා. අසූතුනේ ජූලි කලබලවලින් පස්සෙ දේශපාලන රැකවරණය පතා බටහිර රටවල්වලට පැනගත් මැද පංතියේ දෙමළ ජනයාගෙන් තමයි මේ පිටුවහල් සාහිත්‍යය ගොඩනැඟිලා තියෙන්නේ.
“අපේ ගෙදර ළමයි දෙන්නෙක් බෝඩ් වෙලා ඉන්නවා. ‘දිසාලා’ දුව ඉගෙන ගන්නෙ අටේ පන්තියේ. එයා හරි හුරතල්. එයාට දැනෙන්නේ අපේ ගෙදර එයාගේ ම ගෙදර වගේලු. මම මොන්ටිසෝරි යන මගෙ චූටි දුවට බත් කවන කොට, දිසාලා දුවටත් මගෙන් කටක් දෙකක්වත් කවා ගන්න ඕනෑ.”
අඹ ගහට ටිකක් ඈතින් පුංචි ගල් කුළක් තිබුණා. සමහර වෙලාවට අඹ ගහ යටට පුංචලා, පැංචිලා එකතු වෙනකල් කලින්ම ආව එකෙකු දෙන්නකු වෙත්නම් ගල් කුළ උඩට නඟින පුරුද්දක් තිබුණා. අඹ ගහ උඩට වගේම මේ ගල් කුළටත් පාර දිගේ මේ පැත්තට එන කවුරු වුණත් ටිකක් කල් වේලා ඇතිව අඳුනාගන්න පුළුවන්.
සරසවිය ඉදිරියෙන් එක වර්ගයේ රථ වාහන ඇදී යන්නේ හරියට පෙරහරක් වගෙයි. මායිමේ හිටවලා තියෙන ගස්වල පිපුණු මල් පාවෙලා ඒ වාහනත් එක්ක ගමනේ යනවා. සමහරක් මල් හිතක්, පපුවක් නැති වාහනවලට යටවෙලා මිය ඇදෙනවා.
‘ඔටෝබයෝග්‍රැෆි ඔෆ් දේශමාන්‍ය - පණ්ඩිත් ඩොක්ටර් නන්දදේව විජේසේකර’. ඒ මහාචාර්ය නන්දදේව විජේසේකරගේ ජීවිත කතාපොත. මේ පොත මට කියවන්න ලැබුණේ අප ආයතනයේ (ලේක්හවුස්) පුස්තකාලයෙන්.
ඒ පන්ති කාමරය එක ම අළු ගොඩක් බවට පත් ව තිබිණ. අම්මලා හිසේ අත් බැඳගෙන කෑ ගැසූහ; හැඬූහ.
ක්ලාක් මහත්තයාගේ ගෙදරට වෙලා ගමේ හිටපු කාලේ කොච්චර හොඳදැයි ටොමිසන්ට හිතුණේ හරියට ඉන්ඩ තැනක් තවමත් හොයා ගන්ඩ බැරි වෙච්චි හින්දා ය. ගමේ දී නම් කොහේ හිටියත් කරදරයක් නැත. මේ අරයාගේ බල්ලා, මෙයාගේ බල්ලා කියා කතන්දරයක් ද නැත. ඒත් දැන් නගරේ එහෙම නැත.
පාසල් පිට්ටනිය මැද මිරිඟුව නළියනු පෙනේ. විසල් පළු ගසක් යට අල්ලාප සල්ලාපයෙහි යෙදෙන පාසල් දරුවන් පිරිසකගේ දසුන නෙතට රසඳුනකි. විදුහල් බිම උත්සව සිරියෙන් ගුම් ගැනී තිබීම දරුවන්ගේ ප්‍රීති ප්රමෝදයට හේතු වී ඇත. සිනාසෙන ඇස් ඇති කුඩා දැරියකගේ රූපකාය දාහයෙන් දැවුණු අප සිත්හි පහන් හැඟුම් ඇති කිරීමට සමත් විය.
මෑතකදී මගේ විදත් තැපෑලට එවා තිබු ඉංග්‍රීසි “යාන් හෑල්ලක්” සැර බාලකොට සිංහලෙන් කියනවා නම් මෙසේ ය.
නඩු විභාග පුදුම සහගතය. නීතීවේදීන් තමන්ගේ තර්කය දක්ෂ ලෙස ඔප්පු කරවා තමන්ගේ සේවාලාභියාට යුක්තිය ඉෂ්ඨ කර දීම සමහර විටක ආශ්චර්යකි. අප කුඩා කාලයේ දී අසා ඇත්තේ සතාසිවම් නඩුව, කුලරත්න නඩුව ආදී අපරාධ නඩු ගැනයි. පසු කලෙක ඕ.ජේ සිම්ප්සන් නඩුව ලොව කැළඹු ආකාරය මා මතකයේ තවම ඉතිරිව ඇත.
අලුත් දවසක් සපැමිණි වග දැනුම් දෙමින් තොර තෝංචියක් නැතිව නද දෙන කුරුල්ලන් මෙන්ම මගේ දරුවන් ද හඬ නඟන්නේ මෙය සතියේ දවසක් බව පසක් කරවමිනි.
හරක්, මීහරක් මෙන් ම හරක් ගණයට වැටෙන අනේකවිධ ගොන්නු ද සත්ත්ව ලෝකයේ දී අපට හමුවෙයි. කොයි හරකත් අපේ ජනජීවිතය මෙන් ම ජනවහර ද පෝෂණය කර ඇත. ගම්දොර හීලෑ එළහරකා මෙන්ම මහ කැලේ දී හමුවන කුළු හරකා ද මහත් ආශ්වාදයක් ගෙන දෙන සත්වයෝ ය. කුළු නොහෙත් කුලෑටි හරකා නොදැමුණු හීලෑ නැති එකෙකි.
‘එකම රටක් - එකම හඬක්’ මේක අපිට මේ දවස්වල නිතර ඇහෙන ප්රචාරක දැන්වීමක්. සන්නිවේදන කටයුතු පිළිබඳ වෙළෙඳ දැන්වීමක් වුණත් මෙහි වචනාර්ථය ඉක්මවා ගිය පණිවුඩයක් ගැබ්වෙලා තිබෙනවා. ඒක තමා ජාතියක් එකමුතු කිරීමේ දී විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය ගොඩනැගීමේ අවශ්‍යතාව.
යමුනා නදිය මදලස ගමනින් ගලා බසී. සැදෑ හිරු රැස් වතල ගඟ බඩ පුලින තලය මනරම් දසුනක් මවා පායි.
හීන් සීරුවේ ඇද වැටෙන්න ගත්ත වැස්ස එකපාරට ම මහ වැස්සක් වෙලා දෙගොඩ තලා යන්න අරන්. සරසවි බිම පුරා එහෙ මෙහෙ ඇවිද ගිය කුරුල්ලන් තැන් තැන්වල රොක් වෙලා. පාට පාට කුඩ යටට වෙලා කඩිමුඩියේ යන එන අයත් වැස්සෙන් බේරෙන්න හිතං හීතල බෙදා ගනිමින් මුවාවෙන්න තැනක් හෙව්වා. බලූ පැටව් සීතලට ගුලිවෙලා.
“අපි කවි පොතක් කරමුද?” ඒ ප්‍රශ්නෙ මනෝගෙන්. ජයලත් මනෝරත්නගෙ කවි මම කියවල තිබුණෙ නැහැ. හැබැයි කෙටි කතා නම් කීපයක් ම කියවලා තිබුණා පත්තරවලින්. මනෝ පේරාදෙණියේ ඉන්න දවස්වල වැහි එනතුරු කියල කෙටිකතා පොතකුත් පළකරල තිබුණලු. මගේ කවි නම් පත්තරවල විතරයි. වැඩිපුරම වනිතා විත්තියෙ. ශ්‍රී සඟරාවෙ. ඉඳහිට නවයුගයෙ, සිළුමිණේ.
සුදු පුංචට බඩේ රුදාවක් හැදිලා. පුංචගෙ අම්මා දෙහි ගෙඩියක් මිරිකලා දුන්නා. කෝපි කොප්පයක් ළඟට දුන්නා. හාල් කැඳ ටිකක් හදලා දුන්නා. කඩෙන් ගෙනාපු බේත් සරක්කු පැකට් එකක් සීනියි මී පැණියි ටිකකුත් කලවං කරලා රස්නෙට බොන්න දුන්නා.
දෑත පපුවට ළං කොට හිස ඔසවා බලමි. මෙත් කරුණා උතුරන බුදු හිමියන්ගේ මුහුණ මට පෙනේ. මම දෑත නළලට ගෙන යමි. සාදු සාදුයි සිතින් කියමින් දෑස පියා ගතිමි. යළි දෑස් හැර මල් අසුන දෙස බලමි.
අපේ නායක හාමුදුරුවන්ගේ ඥානකාය හරිම ඉහළයි. උන්වහන්සේගේ මතක ශක්තියත් ඒ වගේමයි. සිදත් සඟරාවත්, බාලාවතාරයත්, සාරස්වතයත් පමණක් නොවෙයි පාලි, සංස්කෘත, සිංහල ඕනෑම පොතක් පිළිබඳ ඇත්තේ ඒවා වන පොත් කළ මතකයක්. පොඩි හාමුදුරුවන් පොත බලාගෙන වරද්දන සංස්කෘත පාඨ නායක හාමුදුරුවන් නිවැරදි කරන්නේ කටපාඩමින්.
මේ අදහස මගේ ඔළුවට ආවේ කුඩා පාරක විශාල වාහන තදබදයකට අහුවෙලා මඟ නතර වෙලා ඉන්න වෙලාවක. මේ දවස්වල උතුරු අමෙරිකාවට සරත් සෘතුව පටන් ගත්ත විතරයි. යන්තමට සීතල මුසුවෙලා එන්න පටන් අරන්. ගස්වල කොළ තැනින් තැන ඉදුණට තාම චිත්‍රයක් වගේ වර්ණ ගැන්වෙන්න පටන් අරන් නැහැ.
ටොම්සන්ට දැන් හොල්මන් ය. ඊ ළඟට වෙන්ඩ යන්නේ මොනවාද කියා තේරුම් බේරුම් කර ගන්නටත් ඌට බැරි ය. ආපහු ගමට යන්ඩ පාර මතකත් නැත. ඒ වුණත් නන්නාඳුනන සිදාදියක හිතුමතේ ඇවිදින්නටත් බය ය. මොන මොන විදිහේ ජාතික ක්‍රීඩාවන්ට මුණ දෙන්ඩ වෙයි ද කියලා දන්නේ කවු ද?
“කියවීමේ ව්‍යාපෘතිය දිගට ම කරන එකේ තේරුමක් නෑ සර්. අපේ අම්මා මට පොත් කියවන්න දෙන්නේ නෑ.”