9/20/2012

සලා ගුරු සොයා ගිය සරා ගුරු


රඹුක්කන සලා ගුරුන්නාන්සේ චූල සම්ප්‍රදායට අයත් පොත පත රාශියක් ලියූ ගැමි කවියෙකි. සූවිසි විවරණය, උත්තර සාමණේර කථා වස්තුව, කිණිහිරි නම් දිව්‍ය විමාන විස්තරය, අභිනව හෝඩිය පටුන සහ මහාමේරු පර්වත අලංකාරය ආදී ඔහු විසින් ලියා ඇති කවි පොත් කෑගල්ලේ විද්‍යා කල්ප යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට බෙදා හැර ඇත.

ආර්ථිකය සීරුවෙන්!



පැණි වරකා ගහටත් හෙණ ගහනවලු.” ලංකාවේ සමහර තැන්වල සමහර ඇත්තොත් හෙණ ඉල්ලනවලු. එයාලට ළඟ තියා ගන්න නෙවෙයි. එයාලට හෙණයක් වුණු සමහර ලොකු ඇත්තන්ට විරුද්ධවලු. හැබැයි ඒ ඇත්තන්ව ලොක්කෝ කරවල තියෙන්නෙත්, ලොකු වෙන්ඩ හිතාගෙන ඒ ඒ තැන්වල මුදල් හොරෙන් තැන්පත් කරාපු උදවියමලු. කොහොම වුණත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යාචකයෝ වුණු හුඟක් දෙනෙක් බදු ගෙවන අයටත් සොයා ගන්න බැරි ගණන් අවධිමත් බැංකුවල තැන්පත් කරලා දැන් හූල්ලනවලු . හැබැයි ඉතින් මේ වාගේ දේවල් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවල වැරදි හංදම කියන්ඩත් බැරිලු. ඒත් අනික් පැත්තට මහ බැංකුව ආණ්ඩුවේ නිසා ඒක ඉන්තේරුවෙන් ම අමතක කරන්ඩත් බැහැ.

පොඩි හාමුදුරුවො



මං මේ තීරුවට දාපු නම තමයි ‘නාගස්මණ්ඩිය’. මම රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගෙන් ඇහුවම උන් වහන්සේත් ඒ නම හොඳයි කියලා කිවුවා. මේ නාගස් මණ්ඩිය තියෙන්නේ මා ළමා විය ගෙවා දැමූ අපේ පන්සලේ. මා පැවිදි බවට පත් වුණේ වැලිගම ජඹුරෙගොඩ නාගාරාම පුරාණ විහාරයේ. ඒ නාගස්මණ්ඩිය එදත් තරුණයි. අදත් එහෙමයි. නාමල නැහැයට අරගෙන එන්නේ යංකර සුවඳක්. ඒ ගසේ අරටුවත් හරිම ශක්තිමත්. නා ගහේ ආගමික සම්බන්ධයකුත් තියෙනවා. මගේ ජීවිතයට බොහෝ දැන උගත්කම් එකතු කරනු ලැබුවෙත් නාගස්මණ්ඩිය තමයි. ළමා කාලේ මට මතකයි ඒ තුරු සෙවණ අපේ සිත් සතන්වලට දැනුමද අවබෝධය ද එකතු කළ හැටි. ඒ කාලේ එතන ඉඳගෙන මං ලියූ ගීයක් මට තාමත් මතකයි.

සිත් රළ



මා සිටියේ මුහුදු වෙරළේ ගල් කුළක් මත ය.
ඈත මුහුදු ජලකඳ මායිම් වන ක්ෂිතිජය රේඛාව හා බැඳුණු නිල් අහස් තලයේ එක වලා බිඳකුදු නොවී ය.
වහා රළ කඳක් ඈත කොතැනක දෝ සිට කෝපයෙන් මෙන් වේගයෙන් පැමිණ ළතෝනියක් ද දීගෙන වෙරළේ හැපෙයි. ගමන අවසන් ව ජලකඳ ආපසු යයි. යළි අනෙක් රළ කඳක් එයි. වෙරළේ හැපෙයි. පෙණ පිඬු නංවා ආපසු යයි. යළි තවත් රළ කඳක් එයි. යයි. යළි තවත් රළ කඳක් එයි. යයි.

ක්ලාක් මහත්තයගේ පත්තරේ



ක්ලාක් මහත්තයට බල්ලටයි, කොල්ලටයි ඉන්නෙ ටොමිසන් හින්ද ක්ලාක් මහත්තයගෙ කෑම පිඟානෙන් ම කරෝල කටුවක් වැටුණා ටොමිසන්ගෙ පිඟානට. දැන් ටොමිසන් තමයි ගෙදර බෝයි. ටොමිසන් කඩේට ගිහිං වරෙං.
සිගරට් එකෙන් පටන් ගත්ත ටොමිසන්ගෙ කඩේ යාම කඩේ පත්තරේ ඉල්ලගෙන ඒම දක්වා දීර්ඝ වුණා. ටොමිසන්ටත් හරි ම ආඩම්බරයි. බල්ලො කවද්ද පත්තර බැලුවෙ? සමහර වෙලාවට, සමහර පත්තරවල තියෙන ඒවා බල්ලන්ටත් වැඩක් නැති විත්තිය ටොමිසන් දැන ගත්තේ ක්ලාක් මහත්තයාගේ කතා බහට කන් දී ගෙන ඉඳලා. ක්ලාක් මහත්තයා හම්බ වෙන්න එන යාළු මහත්තුරු කරන කතා බහට ටොමිසන් කන් දී ගෙන ඉන්න විත්තිය කවුරුවත් දන්නෙ නෑ.
ටොමිසන් බල්ලෙක් නේ. ඉතින් කාගේවත් කතා අහගෙන ඉන්නව ද? ඒ වුණාට අනුන්ගෙ කතා අහගෙන ඉන්න හුඟක් අය බල්ලො තමයි, කඩෙන් පත්තරේ ගෙනාවෙත්, ආපහු කඩේට පත්තරේ ගිහින් දුන්නෙත් ටොමිසන් තමයි.
දවසක් දා අල්ලපු ගෙදර සිසිලියානා හාමිනේ හදිසියේ ක්ලාක් මහත්තයාගේ වත්තෙ ගේට්ටුවෙන් ඇතුළු වුණේ හරි ම කලබලයෙන් ය. පත්තරේ කඩේට ගිහිං දීලා ආපහු ආපු ටොමිසන් පි‍ෙළ් වැතිරිලා විවේක සුවයෙන් හිටපු වෙලාවක් ඒක. ටොමිසන් ඔලුව උස්සල, බුඃ බුඃ ගාලා සිසිලියානා හාමිනේ පිළිඅරගෙන ආයෙත් නිදා ගත්තා.
...ක්ලාක් මහත්තයා,... අද පත්තරේ ටිකකට දෙනව ද? ඉරාක යුද්දෙ ආයෙත් පටන් ගත්ත ද? මොකක්ද? කියලා පත්තරේ තිබුණලු...
ඇයි සිසිලියානා හාමිනේ...? කවුරු හරි ඉරානේ හරි ඉරාකේ හරි ඉන්නවද? යුද්දෙට ගිහිං...? හොඃ හොඃ... ගාලා ක්ලාක් මහත්තයා හිනා වුණා.
... අපොයි නෑ ක්ලාක් මහත්තයා... අපේ දුව මැද පෙර දිග යන්න ඉන්නේ... ඉතිං ඒ පැත්තේ වෙන දේවල් දැන ගෙන ඉන්න එපායැ... නෑ මං කියන්නේ... මොනව ද එහෙ වෙන්නේ කියලවත්... නැද්ද ක්ලාක් මහත්තයා. මට ටිකකට දෙන්නකෝ අද පත්තරේ... මං දැක්ක ඉස්සෙල්ලා මෙතනින් යනිං ගමං, ක්ලාක් මහත්තයා බොහොම විවේක සුවයෙන් පත්තරේ කියවනවා...
ඔව්... ඔව්... සිසිලියානා හාමිනේ... පත්තරේ මේ කඩේ මුදලාලි ඉල්ලා ගෙන ගියා නේ...
ඇත්ත ද? එහෙනං ඊයේ පත්තරේ?
ඒකත් ඉල්ල ගෙන ගියා නේ ඊයේ... මෙලහට බඩු ඔතල දීල ද දන්නෙත් නෑ පත්තරේ ඉරලා...
පෙරේදා පත්තරේ නැද්ද ක්ලාක් මහත්තයා...
පෙරේදා පත්තරේ ගැහැව්වේ නෑනේ සිසිලියානා හාමිනේ... කඩදාසි ඉවර වෙලා... ඒරොප්පෙන් කඩදාසි නැව ඇවිල්ලා නෑ... කඩදාසි නැත්තං කොහොම ද පත්තරේ ගහන්නේ...? ඊට කලිං පත්තර ටික මං පරණ පත්තරවලට වික්කා මේ ඊයේ හවස... හප්පේ දාඩිය...
ඇත්ත ද ක්ලාක් මහත්තයා... එහ්හෙනං මං යන්නං...
ගිහිං එන්නෙ නෑනේ...
නෑ... නෑ... ක්ලාක් මහත්තයා... මං යන්නාං...
හොඳයි යන්න...
ටොමිසන්ට හරි ම පුදුමයි, ඌ ක්ලාක් මහත්තයාගේ මූණ දිහා බලා ගෙන හිටියේ කට ඇර ගෙන ය. කවදාවත් නැති ව නගුටත් ටිකක් කෙලින් වෙලා වගේ ය. ඇත්තට ම මුදලාලිට ගිහිං දුන්නේ ක්ලාක් මහත්තයාගේ පත්තරේ ද? වෙන්ඩ බෑ... මෙහෙමත් කටක්... හැබැයි ක්ලාක් මහත්තයා කකුල් දෙක උඩ තියාගෙන පත්තරේ බල බලා හිටියේ නම් පත්තරේ තමංගේ වගේ ය.
පිලට ආපු ක්ලාක් හාමිනේට කෑ ගැස්සුණේ ටොමිසන්ගේ හැටි දැකලා ය. ටොමිසන් තාමත් කට ඇර ගෙන ක්ලාක් මහත්තයා දිහා බලා ගත්තු ගමන් ය.
ඇයි අනේ ? මොකද මේ බලු තඩිය ඔය බලාගෙන ඉන්නේ... කටත් ඇරගෙන... හපා කන්න වගෙයි... හපෝයි... කියා ගෙන හාමිනේ පස්සට තිබ්බේ, ඉස්සරහට තියන්න එස වූ කකුල ය. ටොම්සන් වහා ම යටත් වීමේ සංඥාව දීලා පඩියෙන් බැහැලා මිදුලට ගියා.
දවසක් දා ක්ලාක් මහත්තයා වැඩට ගියේ නැත. එහෙම දවසට ක්ලාක් මහත්තයාට සිගරැට් ගේන්න කීප සැරයක් කඩේ යන්න ටොමිසන්ට සිද්ද වෙයි. ඔන්න ක්ලාක් මහත්තයා තුණ්ඩුකෑල්ලක් දාලා මල්ල එල්ලුවා ටොමිසන්ගේ බෙල්ලේ... ටොමිසන් එක පිම්මට දිව්වා. මුදලාලි තුණ්ඩුව අරන් සිගරට් එකක් දැම්මා මල්ල ඇතුළට... දැන් සල්ලි ගනුදෙනු වෙන්නේ පස්සේ ය. හරියට ලෝක බැංකුව වගේ. නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ. මුලින් ගනු. පස්සේ දෙනු. ක්ලාක් මහත්තයා මේවා යාළුවොත් එක්ක කතා කරනවා ටොමිසන් අහ ගෙන ඉඳලා තියෙනවා. දැන් මේ සිද්ද වෙන්නේ මුදලාලියි, ක්ලාක් මහත්තයායි අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් ය.
ටොමිසන් දැන් කඩේ ඉඳලා ආපහු එන්නේ, ජොහොර් ඇඟවල් බහින්න ගෝල්පේස් පිට්ටනියේ හැන්දෑවට දුවන මහත්තයෙක් වගේ දිවිල්ලකිනි. වැඩි වේගෙකුත් නෑ. අඩු වේගෙකුත් නෑ. මේක තමයි හැල්මේ දිවිල්ල. මුදලාලිගෙ කඩේ පහුවෙනකොට තියෙන්නේ වහලා දාපු පෙට්ටි කඩයක් ය. ඒ ඉස්සරහින් හැල්මේ දුවමින් සිටිය ටොමිසන් ඇහුණේ, පෙට්ටි ඇතුළේ මොකක්දෝ කසු කුසුවක් වෙන බව ය. ටොමිසන් ගමන නතර කළේ ප්‍රයිවෙට් බස් එකක බ්‍රේක් ගහනවා වාගේ ය. වෙනසකට තිබුණේ සද්දේ නො ඇසුණු එකත්, බ්‍රේක් පලු ගෙවුණේ නැති එකත් විතර ය. ටොමිසන් හෙමින් හෙමින් කිට්ටු කළා පෙට්ටි කඩේට. ඇහැ තිබ්බා ලෑලි අස්සෙන්. ඇතුළේ කිහිප දෙනෙක් ලොකු කතා බහක ය.
මේ අතර ක්ලාක් මහත්තයා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ගිනි පෙට්ටියක් අතේ තියා ගෙන එහාට මෙහාට ගියේ, කරෝල කටුවක් විසි වෙන තුරු එහා මෙහා යන ටොමිසන් වගේ ය. කෑම වේල වැරදුණත් හරි... දුම වැරදුණත් හරි... පපුව තැම්බිලා... ඉදිමිලා ගියාදෙන්... දුම වෙලාවට, කලාවට ඕනෑ...
ක්ලාක් මහත්තයා බැස්සා මිදුලට...
කවදාක්වත් නෑ මේකා මේ තරම් ප්‍රමාද වෙලා... මොකක් හරි කරදරයක් ද? බස් එකකටවත් අඩ තියල ද? නැත්තං කොහෙ හරි කුණු බක්කියකටවත් ඔලුව දාගෙන ද? කෝකටත් යන්න ඕනෑ බලන්න...
ක්ලාක් මහත්තයා ගියා ගේට්ටුව ළඟට... දැං සරමෙ පිටුපස පොට ක්ලාක් මහත්තයාගේ එක ඇඟිල්ලකට ඇඹරෙන්නට පටන් අරගෙන ය. යන්නේ හැල්මේ ය. හරියට ටොමිසන් යනවා වගේ ය.
හැබෑට මූට මොකද වුණේ? කවුරුවත් අල්ලං ගියා වෙන්නත් බෑ... වල්ශේෂන් නේ...
ඒයි ළමයා... අපේ ටොමිසන් දැක්ක ද ඔය පැත්තේ...?
මොකා? ටොමිසන්... ඒ මොකා ද?
නෑ... මේ... අපේ බල්ලා දැක්ක ද ඔය පැත්තේ... උගේ නම ටොමිසන්...
ඇත්ත ද? කකුල් දෙකේ බල්ලෙක් ද අංකල්...? කියලා කොල්ලා ආපිට ක්ලාක් මහත්තයාගෙන් ඇහුවා... ක්ලාක් මහත්තයා නිකං ඇද වෙලා ගියේ කොල්ලා ඒක අහපු තාලෙට. අනේ දැං හැදෙන කොල්ලෝ... ප්‍රශ්නෙකට හරියකට උත්තර දෙන්න දන්නේ නෑ නේ...
නෑ ළමයෝ... මේ කකුල් හතරේ බල්ලෙක්... ඇත්තටම බල්ලෙක්...
ආ... එහෙම බල්ලෙක් නං මං දැක්කා... අර පෙට්ටි කඩේ ලෑලි අස්සට හොම්බ දික් කර ගෙන ඉන්නවා... මං හිතන්නේ ඒ අංකල්ගේ බල්ලා වෙන්න ඇති...

ටවර් හෝල් පුරාණය



මරදානේ ටවර් රඟහලට අවුරුදු 100 පිරුණෙත් පසුගිය දෙසැම්බර් මාසේ. ඒ දවස්වල සියවසක ටවර්හෝල් පුරාණය ගැන විශේෂාංග ලිපියක් ලියන්න කරුණු සොයා ගෙන යන කොට මට එක්තරා පොතක් කිව්වට පොත් පිංචක් කියවන්න ලැබුණා. ඒ ඩී. වී. සෙනෙවිරත්නගේ ‘ටවර් හෝල් රඟහල ගැන මගේ මතක සටහන්’. මෙය සේවාර්ජිත මහාචාර්ය තිස්ස කාරියවසම් ගේ සංස්කරණයක් විදියටයි පළ කරලා තිබුණේ.
ඩී. වී. සෙනෙවිරත්නයන් ටවර් රඟහල 1931 න් පස්සේ සිනමා හලක් බවට පත්වීමෙන් ඉනික්බිතිව එහි කළමනාකරුවකු වශයෙන් කටයුතු කර අත්දැකීම් ලබා තිබූ කෙනෙක්. එසේම ‘සමුදේවි’ වැනි ටීටර් නාට ද ඔහු එකල රචනා කොට නිෂ්පාදනය කළා.
1960 ගණන්වල ඉඳලම පුවත්පත් ලිපි ඔස්සේ ඔහු නැංවූ හඬ වුණත් ටවර් රඟහල රජයට ගතයුතුය යන්නයි.
1990 වසරේ දී මම ඩී. වී. සෙනෙවිරත්න සූරීන් හමුවන්නට දෙහිවල අත්තිඩිය උපනන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවෙසට ගිය ගමන මට තවමත් මතකයි. එහි දී ටවර් හෝල් ඉතිහාසය ගැන ඔහු මා සමඟ හුඟාක් කරුණු කියා සිටියා. ඔහු එය මා සමඟ කියා සිටි ආකාරයටත් ඉහත සඳහන් පොතේ දක්වා ඇති ආකාරයටත් ටවර් රඟහල රජයට පවරා ගැනීම ගැන මුලින් ම කතා බහක් ගිහින් තියෙන්නේ 1965 - 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලේ එවක උප ඇමැතිවරයකුව සිටි ආර්. ‍ේමදාස මහතා මේ යෝජනාව අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අවදියේ ටවර් රඟහල හිමිව තිබුණෙත් සිලෝන් තියටර්ස් සමාගමට. ඩඩ්ලිගේ සොහොයුරු රොබට් සේනානායක එදා එම සමාගමේ අධක්‍ෂවරයකුව සිටි නිසා ටවර් රඟහල රජයට ගැනීමේ එකී යෝජනාව යාත්මක නොවූ බව ඩී. වී. මහතා කියා සිටියා. ඊට පස්සේ 1970 - 77 සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙත් ආයෙත් ඉහත යෝජනාව මතුවෙලා තිබෙනවා. සෝමවීර චන්සිරි, ලක්‍ෂ්මන් ජයකොඩි වැනි ඇමැතිවරුන් මේ සම්බන්ධයෙන් දැඩි වුවමනාවකින් කටයුතු කර ඇති ආකාරයක් ද දිස් වෙනවා. ලක්‍ෂ්මන් ජයකොඩි නම් ටවර් හෝල් නාටවේදී චාල්ස් ඩයස්ගේ ළඟ ඥාතියෙක්. එහෙත් ඒ අවස්ථාවේ එය යථාර්ථයක් බවට පත් නොවුණේ ඒ සඳහා වන තිපාදන නොමැති කියායි.
කෙසේ වෙතත් 1977 යු. එන්. පී. ආණ්ඩුව ආවට පස්සේ අගමැති වූ ආර්. ‍ේමදාස මහතා එතෙක් ආණ්ඩු දෙකක් තුළ යටගසා තිබූ ටවර් රඟහල රජයට ගැනීමේ යෝජනාව යාත්මක කළා. ඒ අනුව එහි සියලු ගෞරවය පක්ෂ භේදයෙන් තොරව ේමදාස මහතාට හිමි කරදීම අපේ යුතුකමක්. ඒ ‍ගෞරවය ඊට පෙර සමගි පෙරමුණ ආණ්ඩුවට ලේසියෙන්ම ගන්න තිබුණු එකක්.
1978 විතර වෙනකොට ටවර් හෝල් පැරණි නළු නිළියන් හිටියේ අන්ත අසරණ තත්තවයක. ටවර් හෝල් යුගයේ නාටවල නිළි චරිත රඟපෑමෙන් ජනයව සිටි සරලා බායි ජීවත්වූයේ කුලියට ඇඳුම් මැසීමෙන්. එසේම නිළි සුසිලා ජයසිංහ තම නිවෙස කුලියට දී කුස්සියේ විසීමෙන් ජීවිතය ගැටගහ ගත්තා.
එසේම ලක්‍ෂ්මි බායි, විමලා කාන්ති, එම්. ජී. තුංගසේන, දේවි සකුන්තලා, ඒ. ඇසිලින් රණසිංහ, මාෂල් පෙරේරා, ෆ්ලෝරි දේවි වැනි නළු නිළියන් වැටී සිටියේ දුක්ඛිත අසරණ තත්වයකට. ටවර් රඟහල රජයට ගැනීමෙන් පසු නිෂ්පාදිත ටවර් නාටනිසාත් මාලිගාවත්ත නිවාස සංකීර්ණයෙන් නිවෙසක් ලැබීම නිසාත් ‘ගම් උදාව‘ වැනි සංදර්ශනවලින් ආදායමක් ලැබීම නිසාත් මේ පැරණි කලාකරුවන්ට ස්වකීය ජීවිතයේ අවසාන භාගයේ හෝ සැනසිල්ලේ විසීමට කලක් උදා වුණා.
ටවර් හෝල් නාටක නැවත නිෂ්පාදනය කිරීම මෙහි පැරණි කලාකරුවන්ට කිසියම් ජීවන මාර්ගයක් වුණත් නාට කලාව විෂයෙහි එහි ඇති වැදගත්කම ශ්නකාරී වුණා. විශේෂයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්, ගුණදාස අමරසේකර වැනි විද්වතුන් එය හෙළා දුටුවේ නිර්දය ආකාරයෙන්.
සිරිසඟබෝ ටවර් හෝල් සම්දාය පුනරුත්ථාපනයෙන් වැඩක් ඇත් ද? යන මැයෙන් ගුණදාස අමරසේකර කළ දේශනයක පිටපතක් මා ළඟ තිබෙනවා. ඔහු එය හඳුන්වා ඇත්තේ ‘ජෝන් ද සිල්වාගේ නාට පිළිබඳ සාහිතයික සමාජික විවරණයක්’ වශයෙන් ටවර් හෝල් නාටක ඉතිහාසය ගැන කියවගෙන යන කොට හරි අපූරු සංසිද්ධි දැන ගන්ට ලැබෙනවා. එකල නළුවන් විසින් නිළි චරිත රඟපානු ලැබු බව අප කවුරුත් දන්නා කරුණක්. එහෙත් විස්මයට තුඩු දෙන්නේ ඇතැම් නිළියන් නළු චරිත පවා රඟපා තිබීමයි. උදාහරණ වශයෙන් ලක්‍ෂ්මී බායි ‘දිල්ලි වෙළෙන්දා’ නාටයේ දිල්ලි වෙළෙන්දා ලෙසත් ඇනී බොතේජු දිල්ලි වෙළෙන්දා හා ඇලඩින් ලෙසත් රඟපා තිබෙනවා. තවත් එවැනිම අපූරු සිද්ධියක් වන්නේ එකම දවසේ එකම නාටය දෙතැනක වේදිකාගත වීමයි.
ටවර් රඟහලට අවුරුදු 100 පිරුණු අවස්ථාවේ එක්තරා පැරණි කලාකරුවෙක් මා සොයා ආවා. ඔහු ආර්. එම්. ඒ. රත්නායක. වෙනත් විදියකට හඳුන්වනවා නම් ‘ටවර් හෝල් නාටක ඉතිහාසය’ නමින් පොතක් ලියූ එල්. ඩී. ඒ. රත්නායකගේ පුතා. ආර්. එම්. ඒ. රත්නායක. ඔහු ටවර් හෝල් නාටක ඉතිහාසය ගැන පොත් කීපයක්ම ලියා තිබෙනවා. ඔහු මා සොයා පැමිණ කීවේ තමාට දැන් ජීවත්වන්ට මාර්ගයක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බවයි. ඔහුගේ එකම ඉල්ලීම වුණේ වැටී සිටින්නට නිවාසයක් ලබාදෙන ලෙසයි.
ආර්. එම්. ඒ. රත්නායක මෙවැනි එක් කලාකරුවෙකු පමණක් බව අවධාරණය කිරීම වැදගත්.

රෝස කමිස



රෝසපාට පිරිමි කමිස මගේ හිත හරි ම ලෙහෙසියෙන් පැහැර ගන්නවා. හේතුවක් රහිතව ම. ලා රෝස පාට කමිස ඒ අතරින් සුවිශේෂි යි. හැම සිතකටම සුවිශේෂී වුණු වර්ණයක් තියෙනවා. මගේ සුවිශේෂී වර්ණය රෝසපාට නොවුණට මම රෝස පාට කමිසවලට සුවිශේෂීත්වයක් දක්වනවා .
ආදරවන්තයට රෝස පාට කමිසයක් තෑගී දීමේ කාන්තා වනතාවයට නිරුත්සාහයෙන් ම පළවෙන තිවිරුද්ධතාවයක් පිරිමි සිත්වල තිබෙනවා. එහෙත් පිරිමියා රෝසපාට කමිසයක් ඇද සිටිනවා දකින්නට කාන්තාව ය කරනවා.
රෝසපාට කමිසයකින් පෞරුෂත්වයට හානියක් සිදුවන බව පිරිමියාට හැ‍ෙඟන අතර කාන්තාව තමන්ගේ සස්වාමිකත්වයට රෝසපාට සම්මිත බව අගය කරනවා. මේ කාරණා දෙක අතර මත ගැටුමක් නිර්මාණය වෙනවා.
නමුත් තව කාරණාවක් තිබෙනවා. සමහර පිරිමි කිසිම හිරිකිතයකින් තොරව රෝසපාට කමිස ඇගලා ගන්නවා. එහෙම කරන්නේ කොහොමදැයි පිරිමිකමක් තිබෙන පිරිමින් කල්පනා කරනවා. කාන්තාව ගවුම් වගේ ම කලිසමුත් ඇගලා ගන්නවා. රෝසපාට වගේ ම නිල් පාටටත් ආදරය කරනවා.
ඉස්සර, ඒ කියුවෙ මගේ මතකයට හසු නොවුණ මානයේ කාන්තාව මුළුතැන්ගෙයට ම සීමාවෙලා සිටි බව කියනවා. හැදිමිටේ දිග මොළයකටත් කාන්තාව හිමිකම් කියුවෙ ඒ කාලෙ. කාන්තා උපමාවන් මුළුතැන්ගෙයින්ම හොයාගන්නට තරම් පිරිමි හිත් දක්ෂවෙලා තිබුණා.
කාලයත් එක්කම කාන්තාවන් මුළුතැන්ගෙයින් සාලයටත් සාලයෙන් මිදුලටත්, ගමටත් ,රටටත් මයෙන් ලෝකයටත් විකාශනය වුණා. සමහර පිරිමි ඇස්වලටත් හිත්වලටත් මේ විකාශනය කටු අනින්නට වුණා. ඉස්සර නිල්පාට කමිසවලට කැමැත්තෙන් හිටි කාන්තාවන් රෝස පාට කමිසවලට කැමැත්තක් දක්වන්නට පටන් ගත්තේ මේ අලුත් විකාශනයත් එක්කමයි.
කාන්තාව රැකියාවක් කිරීම අද හරිම සුලබයි. බාලාංශ පන්තියේ ඉදලා උසස් පෙළ දක්වා පිරිමි ළමයින් සමග හරි හරියට ඉගන ගන්නා ඇය රැකියාවක් කිරීමේ දී පමණක් වෙනස් වෙන්නේ කුමන පරමාර්ථයක් සදහාදැයි මට තවම හරියටම වැටහෙන්නේ නැහැ. සමහරවිටක ඒ දැනුම පරිණත බව සමග ලැබෙන්නක් වෙන්නටත් ඇති.
විවාහයකින් පසුව කාන්තාවක් රැකියාව කරන්නෙ පහසුවකින් නෙමෙයි. උදේ පාන්දර සැමියාටත් සමඟ කෑම සකසන ඇය දෙදෙනාටම බත්මුල් පිළියෙළ කරනවා. රක්ෂාවේ සැමියා සමඟ සම වැටුප් ගන්නට සම සමව වෙහෙසෙනවා. සවස අඳුරත් සමඟ ගෙට ගෙවැද රා ආහාර සකසනවා.ඇදුම් මැදීම,ගෙවල් අස්පස් කිරීම වගේ අමතර වැඩ කටයුතුත් ඇයට මේ අතර පැවරෙනවා. දරුවන් සිටින මවකට පැවරෙන්නේ සීමිත වගකීමක් නොවෙයි.
අපේ ඔපීසියේ ළඟදි දවසක මේ ගැන කතාබහක් ඇති වුණා. බහුතර පිරිමි මතය වුණේ දරු උපතකින් පසු අම්මා කෙනෙක් රස්සාවක් නොකර ගෙදර නතර වෙන්න ඕන කියලයි. මට ඒ කතාව නොතේරීම නිසාම මම ඒ ගැන විස්තර ඇහුවා(නොතේරුණාමත් නෙවෙයි. මගේ හිතේ පුංචි තරහක් හටගත්තා).
අම්මා රැකියාවක් කිරීම නිසා දරුවන් නොමඟට යොමුවෙනවා කියලයි පිරිමි හිත් බොහොමයක තිබු‍ෙණ්. තවකෙනෙක් උදාහරණ සහිතව පැහැදිලි කලා දිවා සුරැකුම් මධස්ථානයක රැකවරණය සඳහා තබාගිය තමන්ගේ පුතණුවන්ට අනිත් ළමයින් විසින් පහර දී තුවාල සිදුකර තිබුණ ආකාරය. අම්මා කෙනෙක් රැකියාවක් කිරීම මේ සියල්ලට ම වරද ලෙස ඔවුන් දුටුවා. ඒ ගැන ඔවුන් කතා කළේ හරිම සානුකම්පිතබවකින්.
මටත් හරිම සානුකම්පිත බවක් දැනුණා. රැකියාවට යන අම්මලාගේ ළමයින් ගැන නොවුණත් රැකියාවට යන අම්මලා ගැන. ඔවුන් ඔවුන්ගේ මුළු ජීවිත කාලයම තමන්ගේ සැමියා වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් කැපකළ යුතු ද? ඔවුන් ඒ සදහා මුළු ජීවිත කාලයම බිත්ති හතරකට කොටු වී ජීවත්විය යුතු ද?
සවසට වැඩ ඇරී ගෙදර ඇවිත් රූප පෙට්ටිය සිය බිරිද කොට ගන්නා නිල්පාට කමිස ඇදි පිරිමි තත්ත්වය තවත් සංකීර්ණ කරනවා. ඔවුන් කාන්තාවන් විසින් කළ යුතු වැඩ වර්ගීකරණය කොට තිබෙනවා. කාන්තාවන් විසින් සිදු කරන රැකියාව සහ ඒ වෙනුවෙන් සම සමව සිදුවන මහන්සිය නොතකා හැර කාන්තාව මෙම වර්ගීකරණට ලක් කර ‍තිබෙනවා. නිල් පාට කමිස පිරිමිකම ඉතා අගනාකොට සලකන අතර රෝස පාට ඉතා පහත් පාටක් වශයෙන් සලකනවා.
රෝස පාට කමිස මීට තිවිරුද්ධව හැසිරෙනවා. කාන්තා සහ පිරිමි කටයුතු මොවුන් අතරින් වර්ගීකරණයක් සිදු නොවෙන අතර බිරිඳට හැම අවස්ථාවකම උදවු වෙනවා. කාන්තාවන්ගේ ජීවිතය රෝස පාට කමිස නිසා වර්ණවත්වී සතුටින් පිරෙනවා.
කාන්තාවන් රෝස පාට කමිස වෙතට තව තවත් සමීප වන අතර රෝස පාට කමිස වෙනුවෙන් බිරින්දෑවරුන්ගේ මුවින් නිබ්බුත පද කියැවෙනවා.

මගේ අවර දඹල සමාජය



මීට වසර 10 කට පමණ පෙර සාහිත කටයුත්තක් සඳහා කුලියාපිටිය දේශයේ සංචාරයක යෙදීමේ අවස්ථාව මට ලැබිණ. එහි දී මම කට ලේඛක කරුණාතිලක හඳුන්පතිරණගේ නිවසෙහි නවාතැන් ගතිමි. එදින රා ආහාරය සඳහා මා ඉතාමත් කැමති එළවළුවක් ද එක් වී තිබුණි. ඒ තමයි අවර. එය රසවත් වංජනයකි.
අප කුඩා කල අපේ ගංරටවල තිබුණේ ඒකල බෝග වගාව නොව මිශ බෝග වගාව යි. මෙය පරිසර හිතකාමී ගොවිතැන් මයකි. ගොඩ ගොවිතැන ද දෙවිදියකි. ඉන් එකක් නම් ගොඩ වී ඇතුළු ධාන වගාවයි. දෙවැන්න එළවළු හා පලතුරු වගාවයි.
අබ, කුරක්කන්, කැකිරි, පිපිඤ්ඤා, මිරිස්, පැණි කොමඩු,වට්ටක්කා යනාදී බෝග රැසක් වල් පැළද සමඟ මිශ ව වැවෙයි. අවර නමැති පෝෂණ ගුණයෙන් ඉහළ එළවළු පැළ වැවෙන්නේ ද මේවා අතරය. මෙය අඟල් තුනක් පමණ පළලැති අඩියක් පමණ දිගැති පැතලි කරල්වලින් සමන්විත (තතු දත්තෝ කමත්වා!) එළවළු පැළයකි. අප කුඩා කල අපගේ අහර වේල රසවත් කළ කදිම එළවළුවක් ලෙස අපගේ රස මනසෙහි මෙය තැම්පත් ව ඇත.
1970 දශකයේ දී මි බෝග වගාව ඒකල බෝගවගාව බවට මාරුවීමත් අවර වැනි පෝෂදායී ආහාර වෙනුවට වාණිජ බෝග වාප්තවීමත් කෘෂි රසායනික භාවිතය නිසා පසෙහි ස්වාභාවික සාරය අහිමිවීම හා සෝදාපාළුව වැඩිවීමත් යන හේතු අනුව අවර වැනි වටිනා බෝග වර්ග රජරට හා හත්කෝරළයේ වැව් ගම්මානවලින් සමුගන්නට පටන් ගත්තේ ය.
එසේ වියෝවෙමින් පැවැති රසවත් එළවළුවක් කලකට පසු ව ලේඛකයකුගේ ගෙදරින් හමුවීම තිජනක අත්දැකීමක් විය.
“මටත් ඇට ටිකක් ඕනෑ”
අහර ගැනීමෙන් පසුව මම කරුගෙන් ඉල්ලුවෙමි. කොළ පාට අවර කරල් කිහිපයක් සමඟ වියළි කරලක් ද මට ලැබුණි.
“මේ විදියට ම තව කාට හරිත් දෙන්න ඕනැ”
ඒ ඔවුන්ගේ සුහද ඉල්ලීම විය. ටික දිනක් යන විට මහරගමට නුදුරු මා ජීවත් වන කුලී නිවාසයේ මිදුල අයිනේ අවර වැල් කිහිපයක් වැඩී වර්ධනය විය. ඒ වන විට එහි දඹල වැල් ද තිබුණේ ය. බාහිර යෙදවුම් කිසිවක් නොමැති ව අවර හා දඹල සක ව වාප්ත විය. අවට නිවෙස්වලට අතිරික්ත නිෂ්පාදනය නොමිලේ බෙදා හදා දීමේ දී කොළ පාට කරල් සමඟ වියළි කරල් ලබාදීම ද සිරිතක් විය.
“මේ විදියට ම තව කාට හරි දෙන්න ඕනෑ” ඒ මගේ ඉල්ලීම යි.
කුලී නිවාස කිහිපයකට ම මාරු වීමට සිදු වුවත් මේ පුරුද්ද දිගට ම පවත්වාගෙන ගියෙමි.
“කරල් හැදෙන කොට නිකමට දැනුම් දෙන්න” ඒ මගේ ඉල්ලීම විය. සාහිත කටයුත්තකට හෝ වෙනත් කටයුත්තකට දුර බැහැර යාමේ දී මගේ ගමන් මල්ලෙහි වියළි අවර ඇට හා දඹල ඇට අහුරක් වරදින්නේ නැත. නවාතැන් ගන්නා නිවසින් සමුගන්නා විට ඇට ටිකක් නිවැසියන්ට ලබා දෙන මගේ ඉල්ලීම වනුයේ “කරල් හැදුණ ම අහල පහළටත් ඇට ටිකක් දෙන්න” යන්නයි. කොහොමටත් ගම්මුන්ට එම පුරුද්ද ඇත. නිවැරදි සංඛා ලේඛන තබා ගෙන නැතත්, කුලියාපිටියේ කරුණාතිලක හඳුන්පතිරණගේ නිවසෙන් ඇරඹුණ අවර දඹල චාරිකාව මේ වනවිට නිවාස දහස ඉක්මවා වාප්ත ව ඇති බව මගේ වැටහීම යි. අනෙක් කරුණ නම් මෙය පිරමීඩ ජාවාරම මෙන් සමාජය ඛාදනය කරන්නක් නොව කායික පෝෂණය මෙන් ම බෙදා හදා ගැනීමේ සන්තුෂ්ටිය ලබා දෙන ශික්ෂණ මාර්ගයක් ද වීමයි. මේ සඳහා කිසිදු වියදමක් ද නොය යි.
දිනක් මගේ අසල්වැසි නිවැසියෙක් අළු කෙසෙල් ඇවරියක් අපට දානය කළේ තාප්පය මතින් සුරත දිගු කරමිනි.
“ඔයාලට කොහෙන්ද කෙසෙල්”
“ගමෙන් ගෙනාවා. ඔයාලා අපට කොච්චර එළවළු පලා දෙනවද? අසල් වැසියා කීය. එය සතයකි. මා ජීවත් වන නිවස වටා, කතුරුමුරුංගා, කංකුං, කිරි අඟුණකොළ, මුකුණුවැන්න හා නිවිතිය ඇතුළුව පලා වර්ග දහයකට වැඩි සංඛාවක් සරුවට වැවී ඇත. බිරිය අතින් යොදනු ලබන ගොම පොහොර හා දිරා ගිය රොඩු යනාදියෙන් පැළෑටි සරුවට වැඩේ. තිබෙන සීමිත ඉඩකඩ අනුව කංකුං සහ මුකුණුවැන්න වවා ඇත්තේ ගෙහිමියා විසින් ඉවත් කරන ලද වැහි පීලි කිහිපයක ය.
මෙය ආත්ම වර්ණනය සඳහා හෝ මා පරාර්ථකාමියෙකැ යි යන අදහසින් ලියන ලද්දක් නොවේ. වැඩි මහන්සියක් වියදමක් නැතුව අපගේ නාගරික ජීවිතයට සැහැල්ලුවක් එක්කර ගත හැකි මාර්ග ඕනෑ තරම් ඇති බව සිහිපත් කිරීමකි.
දවල්ට පුවත්පත් ආයතනයෙහි සේවය කොට රා වනතුරු අවන්හලකට වී මිතුරන් සමඟ මධුවිත තොලගාමින් ද “බීෆ්, පෝක්” තලු මරමින් ද එළවළු මිල ගැනත් රටේ වංචා දූෂණ ගැනත් වෛරයෙන් කතා කරන මිතුරෝ අපට ද සිටිත්.
මොවුන්ගෙන් බොහෝ දෙනෙක් පර්චස් දහයකට හෝ අටකට කොටු වී පවුල් ජීවිත ගත කරන්නෝ වෙති. මේ බොහෝ නිවෙස්වල පොත් රාක්කයක් දක්නට නොමැත. එහෙත් සාලයෙහි පත්තර කඳු ගසා තිබේ. මිදුලෙහි වර්ණවත් මල් පෝච්චි කිහිපයක් හැර වෙනත් කිසිවක් නැත. ඇතැම් විට බලු කූඩුවක් හෝ වෙනත් සතුන්ගේ කූඩුවක් තිබෙනු පෙනේ. සමහර නිවෙස්වල මිදුලේ මුළුමනින් ම කොන්ට් අතුරා තිබේ. මෙය කටුක දර්ශනයකි. අවාසනාව වන්නේ පාරිසරික ගොවිතැන යැපුම් මාර්ගයක් පමණක් නොව ආධාත්මික ශික්‍ෂණ මාර්ගයක් වශයෙන් ද වසර දහස් ගණනක් තිස්සේ පුරුදු පුහුණු කළ අපගේ ගංරටවල් ද මයෙන් ඒ තත්ත්වයට පත්වෙමින් තිබීම ය.
සංස්කෘතික හා සමාජ පරිහානිය ගැනත් අසංවේදී සමාජයක් ගැනත් කතාකරන බොහෝ අය විසින් නොදකින පැත්තකි මේ. සමාජයෙහි නොසන්සුන්කම සහ චණ්ඩත්වය පෝෂණය කරන සියුම් මුල් කෙතරම් පුළුල් වපසරියක පැතිර තිබේ ද? පර්චස් අටේ දහයේ වපසරියකට සිර වූ නෂ්ටික පවුලේ නිවස හා කුඩා ගෙවත්ත ආර්ථික වශයෙන් හා සෞඛමය වශයෙන් ඵලදායී අයුරින් නිර්මාණය කිරීමට නූතන මධම පාන්තිකයා අසමත්වීම අවාසනාවක් නොවේ ද?
“පුංචි නම් ලස්සනයි” කෘතිය ලියූ ෂූමාකර් මෙන් ම භාරතීය ජන මූලයන් සොයායන වන්දනා ශිවා යනාදීන්ගේ අධයනයට ලක්වී ඇති පාරම්පරික ජන සමාජවල සකසුරුවම සහ පරිසර හිතකාමී දැක්ම ලාංකීය ජන සමාජයට ආගන්තුක වූවක් නොවේ.
“අර බලන්න අවර හැදිලා”
මෑතක දී මමත් බිරියත් දරුවනුත් මත්තේගොඩ පුබුදු මාවත පසුකර පොල්ගස්ඕවිට නගරයට යාමේ දී බිරිය අත දිගු කර වැටද්දරක හරිත වියනක් මට පෙන්වූවා ය. ඒ අප මීට පෙර වසර තුනකට පෙර ජීවත් වූ දේශය යි. ය පාඨකය! මගේ අවර දඹල සමාජයෙහි ‘සුහද සාමාජිකත්වය’ ඔබට ද පිරිනැමීමට මා සූදානම් ය.
thimbiri@gmail.com

පන්සලේ - පල්ලියේ - කෝවිලේ පැතුම



2009 දී රටට යළිත් සාමයේ හිරු උදා වුණා. ඒත් එක්කම දකින්න ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් තමා පොල් අරඹෙන් තල් අරඹට ඇරඹුණු මහා සංචාරය. පෙරහරක් වගේ වැලනොකැඩී දකුණෙන් එන ජන ගඟ දැකලා උතුරුකරයේ ජනයා විස්මයට පත්වුණා.
අදටත්, අඩුවක් නැතුව උතුරට ඇදෙන දකුණේ උදවිය නොවරදවාම බැහැදකින සිද්ධස්ථානයක් තමා යාපනයේ නාගවිහාරය ඒ විතරක් නෙමේ දකුණෙන් යන බහුතරයක් වන්දනා නඩනවාතැන් ගන්නෙත් මෙතැනයි.
2002 සටන් විරාමය කාලයේ රාජකාරි කටයුත්තකට අපටත් උතුරට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙනකොටත් ඒ 9 පාර වැහිලා. ඒ නිසා ගුවන් හමුදාව තමා අපට ගමන් පහසුකම් සැලසුවේ. යාපනයට ගිහිල්ලත් නාග විහාරයට ගොඩනොවැදුණොත් ඒක ලොකු අඩුවක්. රාජකාරි වැඩ අතරම අපි නාග විහාරෙට ගොඩවුණා. විහාරාධිපති මීගහජඳුරේ ඤාණරතන හිමියන් නාග විහාරයේ ඉතිහාසය පහදල දුන්නා.
අපි ආපහු එනකොට කොටි කල්ලිය මෙතන බුල්ඩෝසර් කරලයි තිබුණේ. නමුත් ඒක දැකලා අබමල් රේණුවක තරම්වත් තරහක් - අමනාපයක් අපේ හිත්වල ඇතිවුණේ නැහැ. රටේ ම ඇති වුණ අවාසනාවන්ත සිද්ධියක තිඵලයක් හැටියටයි අපි මේක දැක්කේ. විහාරස්ථානය ගොඩනගන්න කලින් දෙමළ ජනයාගේ හිත් දිනාගැනීම වැදගත්ය කියලා තේරුම් අරන් අපි ඒකට මුල පිරුවා. වැඩිකල් යන්ඩ කලින් අසල්වැසි ජනයා අපට උදවුකරන්න පටන් ගත්තා.”
එහෙම කතාව අරඹපු ඤාණරතන හාමුදුරුවෝ තවත් ඈතට උන්වහන්සේගේ මතකය අවදි කළා. බොහොම කාලයකට පෙර දකුණු පළාතෙන් ආපු බැතිමතුන් කිහිපදෙනෙක් දෙමළ හිතවතුන් එක්ක එකතුවෙලා යාපනයේ විහාරස්ථානයක් අරඹන්න මුල පුරා තියෙනවා. රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ නන්දාරාම නායක හාමුදුරුවෝ 1935 දී යාපනයට වැඩම කරලා ඒ විහාරස්ථානය වැඩි දියුණු කර වර්තමානයේ දක්නට ලැබෙන නාගවිහාරය බවට පත් කළ බවත් උන්වහන්සේ සඳහන් කළා.
කොටි විනාශ කරපු විහාරස්ථානය තිසංස්කරණය කරන්න ඔබ වහන්සේ කටයුතු කරනකොට විරෝධතා එහෙමත් මතුවෙන්ඩ ඇති නේද හාමුදුරුවනේ?” මම එහෙම අහපුවහම උන්වහන්සේ දීපු පිළිතුර මට හොඳට මතකයි.
“නොමඟ ගිය සුළු පිරිසක් එහෙම අපරාධ කළාට උතුරේ සාමාන ජනයාට සිංහලයන් ගැන වගේම බුදු දහම ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. මේ පන්සල මෙහෙ තියෙන්ඩ ඕනෑ හාමුදුරුවනේ. ඒක හදන්ඩ අපි උදවු කරනවා. මොකද අපිට මතකයි පසුගිය කාලේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතුව අපි මෙහෙ ජීවත්වුණ හැටි. ඒ වගේ දවසක් ආපහු එන්ඩ ඕනෑ. ඒක තමා අපේ බලාපොරොත්තුව මාව හමුවෙන්ඩ ආපු දෙමළ මිනිස්සු කතා කළේ එහෙමයි.”
හමුදාවෙන් හා පරිතාගශීලින්ගෙන් ලැබුණු වය ආධාරවලට වඩා දෙමළ ජනයා පිරිනමපු චිත්ත ධෛර්යය නාග විහාරය නැවත ගොඩනගන්න ඤාණරතන හිමියන්ට ලොකු ශක්තියක් වුණා. අද වෙනකොට එකවර හාර පන්සියකට වුණත් නවාතැන් දෙන්න නාග විහාරයේ ඉඩ පහසුකම් තියෙනවා. ඒ වගේම දහස් ගණනක දෙමළ බැතිමතුන් පිරිසකුත් විහාරස්ථානය වටා ඒකරාශි වෙලා.
ගැටුම් පැවතුණ අවුරුදු 30 ඇතුළත උපන් සිංහල, දෙමළ හා මුස්ලිම් ඇතුළු අලුත් පරම්පරාව මේ ඉතිහාසය දන්නෙ නැහැ. ඒ වගේම සරණාගතයන් හැටියට පිටරටවලට ගිය දෙමළ ජනයා අතරින් වැඩි දෙනෙකුටත් මේ පිළිබඳ වැටහීමක් නැහැ. අද ඩයස්පෝරාව නමින් හඳුන්වන කණ්ඩායම බටහිර බලවතුන් හමුවේ මවාපාන චියේ වාජත්වය පෙන්වාදීමට අවශ සාක්ෂි රැසක් නාග විහාරයේ ඉතිහාසය යට සැඟවී තිබෙනවා කියල මට හිතෙන්නේ.
යුද්ධය නිසා විනාශ වුණු විහාරස්ථාන, කෝවිල් හා පල්ලි සියල්ල ම වගේ දැන් තිසංස්කරණය වෙලා. නමුත් මේ සිද්ධස්ථාන භෞතික වශයෙන් පමණක් ගොඩනැගුවාට මදි. ඒ හැම සිද්ධස්ථානයක වගේම රට පුරා තිබෙන අනිත් හැම පන්සලක පිදෙන කුසුමකත් පල්ලියක - කෝවිලක දැල්වෙන පහනකත් ාර්ථනය විය යුත්තේ කුමක්ද? තවමත් සත නොදකින මිනිසුන්ගේ දෑස් හමුවේ සතාලෝකය පහළවේවා කියා යි. ඒ විතරක් නොවේ. අනාගතයේ කවරදාකවත් අපේ ආදරණීය මාතෘ භූමියේ යළිත් ජාති, ආගම් හෝ වෙනත් විරසකයක් ඇති නොවේවා කියා යි.
malkap@yahoo.com

නන්නාඳුනන්නෝ



එයා බස් එකේ යන්න පටන් ගන්න කොට මම ඒ පාරේ හමදාම යන්න අරන් අවුරුදු දෙකක් විතර ගත වෙලා. ඒ දවස්වල මම කොටුවට යනකන් ම ගියේ දැන් වගේ තනියම නෙමේ. කොනේම සීට් එකේ වාඩි වෙලා මානෙල්ගෙ අත මගෙඅතේ පැටලිලා තියෙද් දී. අපේ අත් වෙන් වුණේ අලුතෙන් ඉස්කෝලේ යන එයා, තාත්තත් එක්ක බස් එකේ පිටි පස්සටම තල්ලුවෙලා ඇවිත් සෙනඟ අතරේ තෙරපෙනවා දැක්කම විතරයි. මානෙල් එයාට අඬ ගහල අපි දෙන්නගේ මැද්දෙන් වාඩි කරගන්නවා මට මතකයි.
මම එයාගේ කොණ්ඩෙ ගැට ගහල තියෙන රිබන් පටිවලින් ඇද්දම මානෙල් මගේ අතට ගහනවා. “බබා කොයි ඉස්කෝලෙට ද යන්නේ?” මානෙල් හුරතළේට ඇහුවට එයා කවදාවත් උත්තර දෙන්නෙ නෑ. ඇස් දෙක ලොකු කරන් ජනෙලෙන් එළිය බලන් ඉන්නව. ඉඳගන්න ඉඩක් දුන්නට එයාගෙ තාත්ත අහිංසක විදියට ස්තූතියි කියනව. ඒත් එයා බලන්නේවත් නෑ.
“ඔයා පොඩි එකීව බය කළා” මම මානෙල් ගේ ඇස්වලට හිනා වුණේ “අපේ පොඩි එවුන්වත් මම බය කරයි ද” වගේ දේවල් කිය කිය. “නෑ ඔයා පොඩි එවුන්ට ආදරෙයි” හිමීට කිව්වට මානෙල් රතු වෙලා. මතක් වෙනකොට හිනාත් එනවා. අපොයි! තනියෙන් හිනා වෙනවා කවුරු හරි දක්කද? පත්තරේ තිබුණ නම් මූණ වහගන්න තිබුණා. අද එයා නෑ.
විභාගේ ළඟ නිසා ගෙදර නතර වුණා ද? ඒත් හස්පතින්දා පන්තිය තව ඉවර නෑ නේ. ටිකක් හවස් වෙනකන් ඔෆිස් එකට වෙලා ඉඳලා ආවොත් පන්ති ඇරෙන වෙලාවට එන්න පුළුවන්. දැන් එයාගේ මූණ මහන්සි පාටයි. උසස් පෙළ කරුම විභාගයක්. කෙල්ල බය වෙලා ඇති. ඒත්කොහොම හරි පාස් වෙන්න එපැයි! මොන විශ්වවිලයට යයි ද? කොළඹට ගියොත් මේ බස් එකේම යයි. එතකොට මම පෙන්ෂන් යනකන්ම මේ බස් එකේම එයා ලෙක්චර්ස් යයි. අද කාලේ ගැණු ළමයෙක් බෝඩිමකට යනවට වඩා ගෙදර ඉන්න එක හොඳයි.
එයා එච්චර ලෝකෙ ගැන දන්න ළමයෙක් දැයි. අවුරුදු දහතුනක් බස් එකේ ගිය හටි දැක්කේ මමනේ. ටිකට් එක ඉල්ලන්නෙත් කණට ඇහෙන්නැති සද්දෙන්. කොළඹ ම නැවතුනොත් හොඳයි. එයාගේ තාත්තා අම්මා විශ්වවිලයවලට ගියපු අය නම් නවක වදේ වගේ දේ ගැන එයාට කියල දෙයි. දැන් ම නෙමෙයි. ඉස්සෙලා විභාගේ කර ගන්න එපැයි. එයා පාස් වෙයි. හොඳම බාලිකාවකට යන්න ශිෂත්වෙත් පාස් වුණෙ. මානෙල් දන්නව නම්. ඉස්සර නිකන් හතරැස් කරක් එක්ක ඉනේ බකල් එකක් දාගෙන ගියපු කෙල්ල ටයි පටියක් ගැට ගහන් ඉස්කෝලෙ යන්න ගත්තු දවස්වල තිබ්බ උජාරුව. මට ආයෙත් හිනා එනවා.
කතා නොකළට එයා අහංකාර නැති හිත හොඳ ළමයෙක්. ඉඳල හිටලා ෆුට් බෝඩ් එකෙ යන අයගේ බෑග් එකක් හරි ඉල්ලගෙන උකුලේ තියා ගන්නවනේ. වැදගත්කම නිසයි හැමෝට ම හිනා වෙන්නයි කතා කරන්නයි නොයන්නේ. විශේෂයෙන්ම කොල්ලො එක්ක. දැන් ඉන්නෙ වැඩි හරියක් මදාවි. අන්කල් අන්කල් කියල කතාවට ආවට මේ යන එවුන්ගෙන් වැඩි හරියක් හිතන් ඉන්නෙ උන් අපෙත් මාමලා කියල. එකෙක් එක්කවත් එයා පැටලිච්ච නැති එක ලොකු දෙයක්. මට මතකනේ කොල්ලො කීප දෙනෙක් ම පස්සෙන් ආවා.
ඒක එයාගේ වැරද්ද නෙමේ. “බක් මී මල වට බඹරු රඟනවා වරද මලේ සුවඳ අම්මේ” කියල සිංදුවකුත් තියෙන්නේ. එයා උසස් පෙළට වි විෂයයන් කරන එක හොඳ තෝර ගැනීමක්. කොහොම හරි දොස්තර නෝන කෙනෙක් වුණොත්. හිතෙන කොටත් මගේ පපුව බර වෙනවා. එක අවුරුද්දක කැඩිච්ච සපත්තු දෙකක් දාගෙන එයා මාසයක් ම ඉස්කෝලේ ගියා. එතකොටත් මගේ පපුව හිර වුණා. අලුත් සපත්තු දෙකක් ලැබෙනකන් මට හරියට නින්ද ගියෙත් නෑ.
අද කොහොම හරි හවසට එයා ව අල්ල ගන්න වෙනවා. තව සතියකින් විභාගේ පටන් ගනියි. ඊට පස්සෙ මට එයාව දකින්න නොලැබෙයි. යුනිෆොර්ම් එකේ ගහල තියෙන හවුස් බැජ් එක ඊයේ ගැලවිලා වැටුණ බව වත් එයා දැක්කේ නෑ. සෙනඟ අෙරේ තෙරපිලා ගිහින් බහිද්දී කටුව ගැලවෙන්න ඇති. නොසැලකිල්ල නෙමේ. විභාගේ නිසා කල්පනාවක් නෑ. මම දැකලා අහුල ගත්තේ හොඳ වෙලාවට. අවුරුදු කීපයක් ඉස්කෝලෙ ඇඳන් ගිය බැජ් එක අන්තිම මොහොතේ නැති කරගෙන කොහොමද. ඒ වගේ දේ සිහිවටන විදියට තියාගන්න ඕනේ. පස්සෙ කාලෙක ඒවා දිහාහැරිල බලද්දී සතුටක් දැනෙන බව ළමයි දන්නේ නෑනේ. එයා ගේ ඩා නිවාසෙට කොයිතරම් එයා ළැදි ද? ඩා උත්සව කාලෙට බස් එක ඇතුළේ ඒ බාලිකාවේ අනෙක් ළමයි එකක කොයිතරම උද්‍‍ෙගයෙන් ද තමන්ගේ නිවාසෙ ගැන කතාකරන්නේ. මමත් යටි හිතින් උදවු කරන්නේ එයාගෙ නිවාසෙට.
මේ බැජ් එකත් පොඩි කාලේ ලැබුණ බාලදක්ෂිකා පදක්කම් එක්ක පොඩි පෙට්ටියක දාලා එයා තියාගනියි. දැන් එයා බාලදක්ෂිකා නිල ඇඳුම අඳින්නෙම නෑ. ඉස්සර, ගවුමේ අත වැහෙන්න සංකේත එල්ලපු කිරි සුදු පාට බාලදක්ෂිකා නිළ ඇඳුම ඇඳෙගෙන එයා බස් එකට නැග්ගම හමෝම හොරෙන් බැලුව කියලයි මට හිතෙන්නේ. මට මතකයි පළවෙනි පදක්කම පැළඳගෙන ආ දවසත්. පස්සේ උනන්දුව අඩු වුණා මම හිතන්නේ.
ඒකනේ නවත්තල දාන්න ඇත්තේ. අවුරුදු දහතුනක් එක බස් එකේ ගියාට, එයා මගේ ඇස් ඉදිරිපිට ලොකු වුණාට, අද වචනයක් කතාකරගන්න බරුව මගේ උගුර හිර වෙලා. මොනවද කියන්නේ? මම හවස් වෙනකන් ඔෆිස් එකේ ලතවෙලා හරියටම වෙලාවට ආවට කියන්න දෙයක් හිතාගන්නත් බෑ. මම එයාට බස් එකට නගින්න ඉඩ ඇරලා පිටි පස්සෙන් හිට ගත්තා. ළං වුණාම නුරුස්සනා විදියට බැලුවේ මහන්සි නිසා වෙන්න ඇති. අනෙක බස්වල යන නොහොබිනා මිනිස්සු ළං වෙන නිසා එහෙම බලන්නෙ නැතුව බෑ.
මුලින්ම හිතුවේ ‘එක්ස්කියුස් මී’ කියල කතා කරන්න, ඒත් ඒ විදියෙන් අපි අතර ලොකු හිදැසක් ඇති වෙනව වගේ. මම උරහිසට තට්ටු කරල, මුකුත්ම නොකියා බැජ් එක දික් කරා. එයා ගවුමේ බැජ් එකෙන් හිස්වෙලා තියෙන තැනට අත යැව්වා. මගේ දිහා බලාගෙන. හුස්මත් අල්ලගෙන. හරියට මම ඒක හොරෙන් ගලවගත්ත වගේ. මම විදුලියක් වගේ බස් එකේ ඉස්සරහට ඇදිලා ගියේ මොනවා කරන්න ද දන්නේ නැති නිසා. එයා එබි එබී බලනවා. මම පුළුවන් තරම් හැංගුණා. ස්තූතියි කියනවා අහන්න මට බය හිතුණා. ගෙදර එනකොට මගේ ඔළුව අවුල් වෙලා වගේ. ගෙට ඇතුළු නොවී මම ඉස්තෝප්පුවේ වාඩි වුණ. අම්මා ගමෙන් ඇවිල්ලා වෙන්න ඇති නංගී කතා කරනවා ඇහෙන්නේ.
“මට අයියට මඟුල් හොයල ඇතිවෙලා අම්මේ. ඉස්සරටත් වඩා අමාරුයි මනමාලියෙක් බලන්න අඬගහන්න. වෙලාවට ගෙදර එන්නෙත් නෑ. ආවත් කල්පනා කරනවා. කතා කරන්නේත් නෑ. බස් එකේ දි තනියම හිනා වෙනව කියලත් මිනිස්සු කියනවා.මම කල්පනා කරන්නේ එහෙම කෙනෙකුට මඟුල් හොයන්න කියල මිනිස්සුනට කියන්නේ කොහොමද?” එයාලා ලොකු කතාවක්. මෙහෙම ඉඳලා තව ටිකකින් තේ එකක් ඉල්ල ගන්නවා.
මම කල්පනා කලේ අදින් පස්සෙ බස් ඒකේ යන එක මොන වගේ වෙයි ද කියල.

සුද්දන් ගැන සුදු කතාවක්



ඒ මද්දහන් යාමයයි. පැරණි රබර් වගාව ගළවා දැමූ ඉඩමක අලුත් වගාවට පෙර මඤ්ඤොක්කා වගා කර තිබිණි. (මේ කලකට පෙර ය. අද නම් රබර් නැවත වගා කරන්නට පෙර මඤ්ඤොක්කා වැවීම අනුමත නොකෙරේ) මම මගේ මිතුරෙකු සමඟ හේනේ පැල අසල වූ ගල්පොත්තක වාඩි වී තම්බන ලද මඤ්ඤොක්කා බුදිමින් සිටියෙමි.
“මඤ්ඤොක්කා පුරාණ කාලෙ ඉඳල ම තිබුණු අපේ ම කෑමක් වෙන්නැති නේද?” මගේ මියා ඇසී ය.
“නැහැ, මඤ්ඤොක්කා අපේ රටට එන්නෙ එක්දහස් අටසිය විසි එකේදි. ලංකාවෙ සිවිල් සේවයේ හිටියා ‘විලියම් බෙනට්’ කියල සුද්දෙක්. එයා මුරුසියට ගිය ගමනක දී තමයි මඤ්ඤොක්කා කන්න ලැබිල තියෙන්නෙ. ඉතින් බෙනට් ගොවිපළ කරගෙන ගිය එයාගෙ මියෙකුගෙ වැන්දඹු බිරිඳ ලුසාර්ඩන් මහත්මියගෙන් මඤ්ඤොක්කා දඬු ඉල්ලගෙන, ඒව කෑලිවලට කපල නැවෙන් අරගෙන එනව. බෙනට් ගෙනාපු මඤ්ඤොක්කා ඉක්මනින් ම ලංකාව පුරාම පැතිරෙනව.” මම පණ්ඩිතයෙකු සේ කීවෙමි.
“අනුමානයක් නෑ, සුද්ද ලංකාවට මඤ්ඤොක්ක ගේන්ට ඇත්තෙ අපේ මිනිස්සුන්ගෙ කාය ශක්තිය දුර්වල කරන්ට වෙන්ට ඇති.” මගේ මිතුරා ඔහු අසා පුරුදු මතයක් ගෙන හැර පෑවේ ය.
මගේ මිතුරා කවදත් අපේ රට පාලනය කළ සුද්දන් දෙස බලන්නේ සැක මුසු සිතිනි. සුද්දන් විසින් කරන ලද යහපත් යාවක් වුව ද සැක කරන්නට දැඩි ජාති මාමකත්වයෙන් සිතන පතන ඔහු පෙළඹෙයි. සුදු ජාතිකයන් අපේ කුඩා රට සම්පූර්ණයෙන් ම යටත් කර ගත් බව ඇත්ත ය. සිය හිරු නොබසින අධිරාජයේ ආර්ථික හා දේශපාලනික ඕනෑ එපාකම් මත අපේ රට උඩු යටිකුරු කළ බව ඊටත් වඩා ඇත්ත ය. එහෙත් ඔවුන් අපට දායාද කළ වටිනා කියන දෙය ද අගය කරන්නට ද අප හුරුපුරුදු විය යුතු ය.
“දන්නවද? අපේ රටේ කඳුවල උස ජාමිතික මිනුම් අනුව මැන්නෙ මුල් ම කාලෙ ආපු සුද්දෙක්. එයා යුද හමුදාවේ ඉංජිනේරුවෙක්. නම ජෝන් ‍ෙසර්.”
“ඒ ඉතින් උන්ගෙ අධිරාජයේ ඕනෑඑපාකම්වලට නෙ. නැතිව ගමේ ගොඩේ හිටපු අහිංසක සිංහල ගැමියන්ගෙ යහපතට නෙවෙයි නෙ.” මිතුරා තර්ක කළේ ය. “ලංකාවෙ උසම කන්ද සමනොළ කියලයි එතෙක් පිළිගෙන තිබුණෙ. ඒ වැරදි අදහස නැතිවුණේ ෙසර් නිසා.” මම කීවෙමි.
“මහා පාරවල්. කෝච්චි පාරවල් හැදුවෙ සුද්දො කියල ඔයා ඊළඟට කියයි මතක තියාගන්ට. උන් ඒවා හැදුවෙ උන්ගෙ ආර්ථික භාණ්ඩ වාහනය කරන්ට නැතුව අපේ රට දියුණු කරන්ට නෙවෙයි.”
“මම කතාකරන්නෙ ඒ දේ කරන්න වෙහෙසුණු සුදු නිලධාරීන් ගැන. අධිරාජයේ ආණ්ඩුව ගැන නොවෙයි. ලංකාවේ මහා මාර්ගවලින් සැතපුම් තුන්දාහක මහා මාර්ග හැදුවෙ මේජර් තෝමස් ස්කිනර්. එයා පාරවල් හදන්න දුක් වින්ද හැටි ‘ලංකාවේ පනස් වසක්’ කියන එයාගෙ පොතේ හොඳට විස්තර කෙරෙනව.” ලංකාව පාලනය කරන්නට සිය හිරු නොබසින අධිරාජය වෙනුවෙන් පැමිණ අපේ රටට වටිනා මෙහෙයක් කළ බොහෝ සුදු නිලධාරීන් පිළිබඳ මා එදා මගේ මිතුරා හා කතා කළා මට මතකය.
අපේ මහාවංශය ලෝ පතළ කෘතියක් බවට පත් කරන්නට දායක වූයේ ද සුදු ජාතිකයෙකි. ඒ මහාවංශයේ මුල් පරිච්ඡේද 37 ඉංසි භාෂාවට පරිවර්තනය කළ ජෝර්ජ් ටර්නර් ය. 1820 දී පමණ ලාබාල තරුණයකු වූ ටර්නර් රත්නපුරේ දිසාපතිවරයා විය. ඔහු භික්ෂූන් වහන්සේලා ඇසුරු කරමින් සිංහල භාෂාව උගත්තේ ය. පසුව පාලි භාෂාව ද ගුණ කළේ ය. පාලි භාෂාව පිළිබඳ ශබ්ද කෝෂ පවා නොතිබුණු යුගයක ටර්නර් මහාවංශය ඉංසියට හැරවී ය. එවකට මහාවංශය සිංහලට ද පරිවර්තනය වී නොතිබිණි. 1837 දී මුණය වූ ඉංසි මහාවංශය ඉන්දියානු පුරා විත්මක කැණීම් කළ ජේම්ස් න්සෙප්ට ද ඇතැම් කරුණු නිරාකරණය කරන්නට පිටුවහල් වූයේ ලු.
කාශප රජු විසින් ඉදිකරන ලද සීගිරිය මිනිස් අවධානයෙන් තොර වී වල් වැදී තිබුණේ ය. සියලු නටබුන් වසා දමමින් සද්දන්ත ගස් වැවී තිබිණි. ලංකා ඉතිහාසය කියවා කුතුහලයට පත්ව සිටි මාතලේ දිසාපති තනතුර දැරූ මේජර් ජොනතන් ෆෝබ්ස් නම් සුද්දාට කාශප රජු තැනූ සීගිරිය සොයා යන්නට සිතිණි. ඔහු පිරිවර සහිතව මහ වන දුර්ග මැදින් . ව. 1831දී සීගිරිය සොයා ගියේ ය. බොහෝ වෙහෙසකර ගවේෂණයකින් පසු ෆෝබ්ස්ට සීගිරිය වටා බැඳි ගල්පවුර දක්නට ලැබිණි.
මේජර් ෆෝබ්ස්ට දෙවතාවකදී සීගිරි සිතුවම් පිහිටි ගුහාවට යන්නට ලැබිණි. එහෙත් මහ වනයකින් වැසුණු පර්වතයේ මුදුනට නඟින්නට ඔහුට අසීරු විය. සිංහ සීරස ෆෝබ්ස්ට හමු නොවූ බැවින් මේ සීගිරිය දැයි සැකය ද ඔහු තුළ ජනිත වී තිබිණි. කෙසේ වෙතත් පසු කාලීනව සීගිරිය හෙළිපෙහෙළි කළ එච්. සී. පී. බෙල් වැනි සුදු ජාතිකයන්ට මේජර් ෆෝබ්ස්ගේ සොයා ගැනීම් ඉමහත් පිටුවහලක් වන්නට ඇත.
පිළිවෙළකට ඉඩකඩම් වවන ගැමියන් ඇගයෙන්නේ සුද්දාට සමාන කිරීමෙනි.
“ලොකු ආතාගෙ රබර් වැවිල්ල සුද්දගෙ වගේ තමයි.” අප කුඩා කල අපේ ගමේ සිටි දක්ෂ වැවිලිකරුවෙකු ගැමියන්ගේ ඇගයීමට ලක්වූයේ ඒ ආකාරයෙනි. කොහොමටත් පිළිවෙළකට වැඩකටයුතු කරන්නා සුද්දාට සමාන කෙරේ.
නීතිගරුකව ආයතන පාලනය කළ අල්ලස හා දූෂණයට දැඩිව එරෙහි වූ සුදු නිලධාරීන් පිළිබඳ කතා අපේ සමාජයේ බහුලය. මේ එවන් කතාවකි.
මේ කතාව මට කිවූ මගේ කිට්ටුවර නෑදෑයා නගර සභා වැනි ආයතන කීපයක විවිධ නිලතල දරා සේවයෙන් ඉසිඹු ලැබූවෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඇත්තේ එක්දහස් නවසිය හැටපහේ පමණ ගම්සභාවක ඕවර්සියර්වරයෙකු සේ ය. ඒ දවස්වල ගම්සභා බල දේශයේ අලුතින් පාලමක් ඉදිකරන්නට මුදල් රජයෙන් අනුමත වී තිබිණි. දිස්ික් ඉංජිනේරුවරයාට එතරම් මුදල් මාණයක ඇස්තමේන්තු අනුමත කිරීමේ බලය එකල නොවී ය. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ධාන නිලධාරියා පැමිණෙන බව දන්වා තිබිණි. හේ සුදු ජාතික නිලධාරියෙකි.
“මහත්තයෝ අපි සුද්දට කෑම වේලක්වත් දෙමු ද? කොණ්ඩය බඳින පැරැණි පන්නයේ ගැමි භූවරයෙකු වූ ගම්සභාපති තැන මගේ නෑදෑයාගෙන් විමසීය. “එයා අපේ කෑම කන්න කැමති වෙයි ද? අපි ‘ඔරේන්ජ් බාර්ලි’ දෙමු.” නෑදෑයා යෝජනා කළේ ය. (එකල ඔරේන්ජ් බාර්ලි ගැමියන් අතර ජනිය බීමකි.)
සුදු ජාතික නිලධාරියා පාලම ඉදිකරන තැනට පැමිණ අවශ කටයුතු සම්පාදනය කරමින් සිටියේ ය. ඔහු වැඩි කතාබහක් නැති වැඩකටයුතු කෙරෙහි ම අවධානය යොමු කරන කෙනෙකි. කිසිවෙක් ඔහුට කිට්ටු නොවෙත්, ඔරේන්ජ් බාර්ලි බෝතල් පසෙක මේසයක තැන්පත් කර තිබේ. අපේ නෑදෑයා සුද්දාගේ රියැදුරු තැනට කිට්ටු කළේ ය.
“බාර්ලි බෝතලයක් ලොකු මහත්තයට දෙන්නෙ කොහොමද?”
“බාර්ලි දෙන්න! පුද්ගලික ලිපි ගොනුවට අවවාද ලියුමක් දාගන්න කැමති නම් කමක් නෑ. ඔය මනුස්සය වැඩ කරන තැනදී කාගෙන්වත් වතුරවත් බොන්නෙ නෑ.” රියදුරා කීය.
වැඩ නිම වූ පාලම පරීක්‍ෂා කරන කාලයේ සුද්දා සේවයෙන් ඉවත්ව ගොස් තිබිණි. එදා පරීක්ෂාවට ආවේ සිංහල නිලධාරියෙකි. ඔහුට සංහ කරන්නට තැඹිලි වලු දෙකක් ගෙනැවිත් තිබිණි. වැඩ නිම කළ නිලධාරියා තැඹිලි ගෙඩියක් පානය කළේ ය. ඔහු පිටත් වන විට ඉතිරි තැඹිලි ජීප් රියට පැටවිණි.
“එතන තමයි හැරවුම් ලක්ෂය.” නෑදෑයා කතාව නිම කරමින් කීවේ ය.
මා මේ කතා ඔබට කීවේ සුද්දන් වර්ණනා කරන රිසියෙන් නොවේ. අවුරුදු එකසිය ගණනක අධිරාජ‍වාදී පාලනය අගය කරන්නට ද නොවේ. ඇතැම් සුදු පාලකයන් තුළ තිබුණු සුන්දර තැන් ගැන කියන්නටය. අප ඔවුන් අනුකරණය කළ ද ඔවුන් වෙතින් අප උකහාගත යුතු දේ අතහැර නොවටිනා දේ පමණක් ලබා ගත් බව සිහිපත් කරන්නට ය.