2009 දී රටට යළිත් සාමයේ හිරු උදා වුණා. ඒත් එක්කම දකින්න ලැබුණු සුවිශේෂ ලක්ෂණයක් තමා පොල් අරඹෙන් තල් අරඹට ඇරඹුණු මහා සංචාරය. පෙරහරක් වගේ වැලනොකැඩී දකුණෙන් එන ජන ගඟ දැකලා උතුරුකරයේ ජනයා විස්මයට පත්වුණා.
අදටත්, අඩුවක් නැතුව උතුරට ඇදෙන දකුණේ උදවිය නොවරදවාම බැහැදකින සිද්ධස්ථානයක් තමා යාපනයේ නාගවිහාරය ඒ විතරක් නෙමේ දකුණෙන් යන බහුතරයක් වන්දනා නඩනවාතැන් ගන්නෙත් මෙතැනයි.
2002 සටන් විරාමය කාලයේ රාජකාරි කටයුත්තකට අපටත් උතුරට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ වෙනකොටත් ඒ 9 පාර වැහිලා. ඒ නිසා ගුවන් හමුදාව තමා අපට ගමන් පහසුකම් සැලසුවේ. යාපනයට ගිහිල්ලත් නාග විහාරයට ගොඩනොවැදුණොත් ඒක ලොකු අඩුවක්. රාජකාරි වැඩ අතරම අපි නාග විහාරෙට ගොඩවුණා. විහාරාධිපති මීගහජඳුරේ ඤාණරතන හිමියන් නාග විහාරයේ ඉතිහාසය පහදල දුන්නා.
අපි ආපහු එනකොට කොටි කල්ලිය මෙතන බුල්ඩෝසර් කරලයි තිබුණේ. නමුත් ඒක දැකලා අබමල් රේණුවක තරම්වත් තරහක් - අමනාපයක් අපේ හිත්වල ඇතිවුණේ නැහැ. රටේ ම ඇති වුණ අවාසනාවන්ත සිද්ධියක තිඵලයක් හැටියටයි අපි මේක දැක්කේ. විහාරස්ථානය ගොඩනගන්න කලින් දෙමළ ජනයාගේ හිත් දිනාගැනීම වැදගත්ය කියලා තේරුම් අරන් අපි ඒකට මුල පිරුවා. වැඩිකල් යන්ඩ කලින් අසල්වැසි ජනයා අපට උදවුකරන්න පටන් ගත්තා.”
එහෙම කතාව අරඹපු ඤාණරතන හාමුදුරුවෝ තවත් ඈතට උන්වහන්සේගේ මතකය අවදි කළා. බොහොම කාලයකට පෙර දකුණු පළාතෙන් ආපු බැතිමතුන් කිහිපදෙනෙක් දෙමළ හිතවතුන් එක්ක එකතුවෙලා යාපනයේ විහාරස්ථානයක් අරඹන්න මුල පුරා තියෙනවා. රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ නන්දාරාම නායක හාමුදුරුවෝ 1935 දී යාපනයට වැඩම කරලා ඒ විහාරස්ථානය වැඩි දියුණු කර වර්තමානයේ දක්නට ලැබෙන නාගවිහාරය බවට පත් කළ බවත් උන්වහන්සේ සඳහන් කළා.
කොටි විනාශ කරපු විහාරස්ථානය තිසංස්කරණය කරන්න ඔබ වහන්සේ කටයුතු කරනකොට විරෝධතා එහෙමත් මතුවෙන්ඩ ඇති නේද හාමුදුරුවනේ?” මම එහෙම අහපුවහම උන්වහන්සේ දීපු පිළිතුර මට හොඳට මතකයි.
“නොමඟ ගිය සුළු පිරිසක් එහෙම අපරාධ කළාට උතුරේ සාමාන ජනයාට සිංහලයන් ගැන වගේම බුදු දහම ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. මේ පන්සල මෙහෙ තියෙන්ඩ ඕනෑ හාමුදුරුවනේ. ඒක හදන්ඩ අපි උදවු කරනවා. මොකද අපිට මතකයි පසුගිය කාලේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතුව අපි මෙහෙ ජීවත්වුණ හැටි. ඒ වගේ දවසක් ආපහු එන්ඩ ඕනෑ. ඒක තමා අපේ බලාපොරොත්තුව මාව හමුවෙන්ඩ ආපු දෙමළ මිනිස්සු කතා කළේ එහෙමයි.”
හමුදාවෙන් හා පරිතාගශීලින්ගෙන් ලැබුණු වය ආධාරවලට වඩා දෙමළ ජනයා පිරිනමපු චිත්ත ධෛර්යය නාග විහාරය නැවත ගොඩනගන්න ඤාණරතන හිමියන්ට ලොකු ශක්තියක් වුණා. අද වෙනකොට එකවර හාර පන්සියකට වුණත් නවාතැන් දෙන්න නාග විහාරයේ ඉඩ පහසුකම් තියෙනවා. ඒ වගේම දහස් ගණනක දෙමළ බැතිමතුන් පිරිසකුත් විහාරස්ථානය වටා ඒකරාශි වෙලා.
ගැටුම් පැවතුණ අවුරුදු 30 ඇතුළත උපන් සිංහල, දෙමළ හා මුස්ලිම් ඇතුළු අලුත් පරම්පරාව මේ ඉතිහාසය දන්නෙ නැහැ. ඒ වගේම සරණාගතයන් හැටියට පිටරටවලට ගිය දෙමළ ජනයා අතරින් වැඩි දෙනෙකුටත් මේ පිළිබඳ වැටහීමක් නැහැ. අද ඩයස්පෝරාව නමින් හඳුන්වන කණ්ඩායම බටහිර බලවතුන් හමුවේ මවාපාන චියේ වාජත්වය පෙන්වාදීමට අවශ සාක්ෂි රැසක් නාග විහාරයේ ඉතිහාසය යට සැඟවී තිබෙනවා කියල මට හිතෙන්නේ.
යුද්ධය නිසා විනාශ වුණු විහාරස්ථාන, කෝවිල් හා පල්ලි සියල්ල ම වගේ දැන් තිසංස්කරණය වෙලා. නමුත් මේ සිද්ධස්ථාන භෞතික වශයෙන් පමණක් ගොඩනැගුවාට මදි. ඒ හැම සිද්ධස්ථානයක වගේම රට පුරා තිබෙන අනිත් හැම පන්සලක පිදෙන කුසුමකත් පල්ලියක - කෝවිලක දැල්වෙන පහනකත් ාර්ථනය විය යුත්තේ කුමක්ද? තවමත් සත නොදකින මිනිසුන්ගේ දෑස් හමුවේ සතාලෝකය පහළවේවා කියා යි. ඒ විතරක් නොවේ. අනාගතයේ කවරදාකවත් අපේ ආදරණීය මාතෘ භූමියේ යළිත් ජාති, ආගම් හෝ වෙනත් විරසකයක් ඇති නොවේවා කියා යි.
malkap@yahoo.com
No comments:
Post a Comment