9/20/2012

මගේ අවර දඹල සමාජය



මීට වසර 10 කට පමණ පෙර සාහිත කටයුත්තක් සඳහා කුලියාපිටිය දේශයේ සංචාරයක යෙදීමේ අවස්ථාව මට ලැබිණ. එහි දී මම කට ලේඛක කරුණාතිලක හඳුන්පතිරණගේ නිවසෙහි නවාතැන් ගතිමි. එදින රා ආහාරය සඳහා මා ඉතාමත් කැමති එළවළුවක් ද එක් වී තිබුණි. ඒ තමයි අවර. එය රසවත් වංජනයකි.
අප කුඩා කල අපේ ගංරටවල තිබුණේ ඒකල බෝග වගාව නොව මිශ බෝග වගාව යි. මෙය පරිසර හිතකාමී ගොවිතැන් මයකි. ගොඩ ගොවිතැන ද දෙවිදියකි. ඉන් එකක් නම් ගොඩ වී ඇතුළු ධාන වගාවයි. දෙවැන්න එළවළු හා පලතුරු වගාවයි.
අබ, කුරක්කන්, කැකිරි, පිපිඤ්ඤා, මිරිස්, පැණි කොමඩු,වට්ටක්කා යනාදී බෝග රැසක් වල් පැළද සමඟ මිශ ව වැවෙයි. අවර නමැති පෝෂණ ගුණයෙන් ඉහළ එළවළු පැළ වැවෙන්නේ ද මේවා අතරය. මෙය අඟල් තුනක් පමණ පළලැති අඩියක් පමණ දිගැති පැතලි කරල්වලින් සමන්විත (තතු දත්තෝ කමත්වා!) එළවළු පැළයකි. අප කුඩා කල අපගේ අහර වේල රසවත් කළ කදිම එළවළුවක් ලෙස අපගේ රස මනසෙහි මෙය තැම්පත් ව ඇත.
1970 දශකයේ දී මි බෝග වගාව ඒකල බෝගවගාව බවට මාරුවීමත් අවර වැනි පෝෂදායී ආහාර වෙනුවට වාණිජ බෝග වාප්තවීමත් කෘෂි රසායනික භාවිතය නිසා පසෙහි ස්වාභාවික සාරය අහිමිවීම හා සෝදාපාළුව වැඩිවීමත් යන හේතු අනුව අවර වැනි වටිනා බෝග වර්ග රජරට හා හත්කෝරළයේ වැව් ගම්මානවලින් සමුගන්නට පටන් ගත්තේ ය.
එසේ වියෝවෙමින් පැවැති රසවත් එළවළුවක් කලකට පසු ව ලේඛකයකුගේ ගෙදරින් හමුවීම තිජනක අත්දැකීමක් විය.
“මටත් ඇට ටිකක් ඕනෑ”
අහර ගැනීමෙන් පසුව මම කරුගෙන් ඉල්ලුවෙමි. කොළ පාට අවර කරල් කිහිපයක් සමඟ වියළි කරලක් ද මට ලැබුණි.
“මේ විදියට ම තව කාට හරිත් දෙන්න ඕනැ”
ඒ ඔවුන්ගේ සුහද ඉල්ලීම විය. ටික දිනක් යන විට මහරගමට නුදුරු මා ජීවත් වන කුලී නිවාසයේ මිදුල අයිනේ අවර වැල් කිහිපයක් වැඩී වර්ධනය විය. ඒ වන විට එහි දඹල වැල් ද තිබුණේ ය. බාහිර යෙදවුම් කිසිවක් නොමැති ව අවර හා දඹල සක ව වාප්ත විය. අවට නිවෙස්වලට අතිරික්ත නිෂ්පාදනය නොමිලේ බෙදා හදා දීමේ දී කොළ පාට කරල් සමඟ වියළි කරල් ලබාදීම ද සිරිතක් විය.
“මේ විදියට ම තව කාට හරි දෙන්න ඕනෑ” ඒ මගේ ඉල්ලීම යි.
කුලී නිවාස කිහිපයකට ම මාරු වීමට සිදු වුවත් මේ පුරුද්ද දිගට ම පවත්වාගෙන ගියෙමි.
“කරල් හැදෙන කොට නිකමට දැනුම් දෙන්න” ඒ මගේ ඉල්ලීම විය. සාහිත කටයුත්තකට හෝ වෙනත් කටයුත්තකට දුර බැහැර යාමේ දී මගේ ගමන් මල්ලෙහි වියළි අවර ඇට හා දඹල ඇට අහුරක් වරදින්නේ නැත. නවාතැන් ගන්නා නිවසින් සමුගන්නා විට ඇට ටිකක් නිවැසියන්ට ලබා දෙන මගේ ඉල්ලීම වනුයේ “කරල් හැදුණ ම අහල පහළටත් ඇට ටිකක් දෙන්න” යන්නයි. කොහොමටත් ගම්මුන්ට එම පුරුද්ද ඇත. නිවැරදි සංඛා ලේඛන තබා ගෙන නැතත්, කුලියාපිටියේ කරුණාතිලක හඳුන්පතිරණගේ නිවසෙන් ඇරඹුණ අවර දඹල චාරිකාව මේ වනවිට නිවාස දහස ඉක්මවා වාප්ත ව ඇති බව මගේ වැටහීම යි. අනෙක් කරුණ නම් මෙය පිරමීඩ ජාවාරම මෙන් සමාජය ඛාදනය කරන්නක් නොව කායික පෝෂණය මෙන් ම බෙදා හදා ගැනීමේ සන්තුෂ්ටිය ලබා දෙන ශික්ෂණ මාර්ගයක් ද වීමයි. මේ සඳහා කිසිදු වියදමක් ද නොය යි.
දිනක් මගේ අසල්වැසි නිවැසියෙක් අළු කෙසෙල් ඇවරියක් අපට දානය කළේ තාප්පය මතින් සුරත දිගු කරමිනි.
“ඔයාලට කොහෙන්ද කෙසෙල්”
“ගමෙන් ගෙනාවා. ඔයාලා අපට කොච්චර එළවළු පලා දෙනවද? අසල් වැසියා කීය. එය සතයකි. මා ජීවත් වන නිවස වටා, කතුරුමුරුංගා, කංකුං, කිරි අඟුණකොළ, මුකුණුවැන්න හා නිවිතිය ඇතුළුව පලා වර්ග දහයකට වැඩි සංඛාවක් සරුවට වැවී ඇත. බිරිය අතින් යොදනු ලබන ගොම පොහොර හා දිරා ගිය රොඩු යනාදියෙන් පැළෑටි සරුවට වැඩේ. තිබෙන සීමිත ඉඩකඩ අනුව කංකුං සහ මුකුණුවැන්න වවා ඇත්තේ ගෙහිමියා විසින් ඉවත් කරන ලද වැහි පීලි කිහිපයක ය.
මෙය ආත්ම වර්ණනය සඳහා හෝ මා පරාර්ථකාමියෙකැ යි යන අදහසින් ලියන ලද්දක් නොවේ. වැඩි මහන්සියක් වියදමක් නැතුව අපගේ නාගරික ජීවිතයට සැහැල්ලුවක් එක්කර ගත හැකි මාර්ග ඕනෑ තරම් ඇති බව සිහිපත් කිරීමකි.
දවල්ට පුවත්පත් ආයතනයෙහි සේවය කොට රා වනතුරු අවන්හලකට වී මිතුරන් සමඟ මධුවිත තොලගාමින් ද “බීෆ්, පෝක්” තලු මරමින් ද එළවළු මිල ගැනත් රටේ වංචා දූෂණ ගැනත් වෛරයෙන් කතා කරන මිතුරෝ අපට ද සිටිත්.
මොවුන්ගෙන් බොහෝ දෙනෙක් පර්චස් දහයකට හෝ අටකට කොටු වී පවුල් ජීවිත ගත කරන්නෝ වෙති. මේ බොහෝ නිවෙස්වල පොත් රාක්කයක් දක්නට නොමැත. එහෙත් සාලයෙහි පත්තර කඳු ගසා තිබේ. මිදුලෙහි වර්ණවත් මල් පෝච්චි කිහිපයක් හැර වෙනත් කිසිවක් නැත. ඇතැම් විට බලු කූඩුවක් හෝ වෙනත් සතුන්ගේ කූඩුවක් තිබෙනු පෙනේ. සමහර නිවෙස්වල මිදුලේ මුළුමනින් ම කොන්ට් අතුරා තිබේ. මෙය කටුක දර්ශනයකි. අවාසනාව වන්නේ පාරිසරික ගොවිතැන යැපුම් මාර්ගයක් පමණක් නොව ආධාත්මික ශික්‍ෂණ මාර්ගයක් වශයෙන් ද වසර දහස් ගණනක් තිස්සේ පුරුදු පුහුණු කළ අපගේ ගංරටවල් ද මයෙන් ඒ තත්ත්වයට පත්වෙමින් තිබීම ය.
සංස්කෘතික හා සමාජ පරිහානිය ගැනත් අසංවේදී සමාජයක් ගැනත් කතාකරන බොහෝ අය විසින් නොදකින පැත්තකි මේ. සමාජයෙහි නොසන්සුන්කම සහ චණ්ඩත්වය පෝෂණය කරන සියුම් මුල් කෙතරම් පුළුල් වපසරියක පැතිර තිබේ ද? පර්චස් අටේ දහයේ වපසරියකට සිර වූ නෂ්ටික පවුලේ නිවස හා කුඩා ගෙවත්ත ආර්ථික වශයෙන් හා සෞඛමය වශයෙන් ඵලදායී අයුරින් නිර්මාණය කිරීමට නූතන මධම පාන්තිකයා අසමත්වීම අවාසනාවක් නොවේ ද?
“පුංචි නම් ලස්සනයි” කෘතිය ලියූ ෂූමාකර් මෙන් ම භාරතීය ජන මූලයන් සොයායන වන්දනා ශිවා යනාදීන්ගේ අධයනයට ලක්වී ඇති පාරම්පරික ජන සමාජවල සකසුරුවම සහ පරිසර හිතකාමී දැක්ම ලාංකීය ජන සමාජයට ආගන්තුක වූවක් නොවේ.
“අර බලන්න අවර හැදිලා”
මෑතක දී මමත් බිරියත් දරුවනුත් මත්තේගොඩ පුබුදු මාවත පසුකර පොල්ගස්ඕවිට නගරයට යාමේ දී බිරිය අත දිගු කර වැටද්දරක හරිත වියනක් මට පෙන්වූවා ය. ඒ අප මීට පෙර වසර තුනකට පෙර ජීවත් වූ දේශය යි. ය පාඨකය! මගේ අවර දඹල සමාජයෙහි ‘සුහද සාමාජිකත්වය’ ඔබට ද පිරිනැමීමට මා සූදානම් ය.
thimbiri@gmail.com

3 comments:

  1. මගේ අවර වැල හරිම සරුයි,ඒත් පලදාව් නැහැ .උපදෙසක් දෙන්න

    ReplyDelete
  2. මටත් අවර බීජ ලබා ගත හැකිද?

    ReplyDelete
  3. මගේ අවර වැල ගොඩක්ම සාරයි,

    ReplyDelete