9/20/2012

සුද්දන් ගැන සුදු කතාවක්



ඒ මද්දහන් යාමයයි. පැරණි රබර් වගාව ගළවා දැමූ ඉඩමක අලුත් වගාවට පෙර මඤ්ඤොක්කා වගා කර තිබිණි. (මේ කලකට පෙර ය. අද නම් රබර් නැවත වගා කරන්නට පෙර මඤ්ඤොක්කා වැවීම අනුමත නොකෙරේ) මම මගේ මිතුරෙකු සමඟ හේනේ පැල අසල වූ ගල්පොත්තක වාඩි වී තම්බන ලද මඤ්ඤොක්කා බුදිමින් සිටියෙමි.
“මඤ්ඤොක්කා පුරාණ කාලෙ ඉඳල ම තිබුණු අපේ ම කෑමක් වෙන්නැති නේද?” මගේ මියා ඇසී ය.
“නැහැ, මඤ්ඤොක්කා අපේ රටට එන්නෙ එක්දහස් අටසිය විසි එකේදි. ලංකාවෙ සිවිල් සේවයේ හිටියා ‘විලියම් බෙනට්’ කියල සුද්දෙක්. එයා මුරුසියට ගිය ගමනක දී තමයි මඤ්ඤොක්කා කන්න ලැබිල තියෙන්නෙ. ඉතින් බෙනට් ගොවිපළ කරගෙන ගිය එයාගෙ මියෙකුගෙ වැන්දඹු බිරිඳ ලුසාර්ඩන් මහත්මියගෙන් මඤ්ඤොක්කා දඬු ඉල්ලගෙන, ඒව කෑලිවලට කපල නැවෙන් අරගෙන එනව. බෙනට් ගෙනාපු මඤ්ඤොක්කා ඉක්මනින් ම ලංකාව පුරාම පැතිරෙනව.” මම පණ්ඩිතයෙකු සේ කීවෙමි.
“අනුමානයක් නෑ, සුද්ද ලංකාවට මඤ්ඤොක්ක ගේන්ට ඇත්තෙ අපේ මිනිස්සුන්ගෙ කාය ශක්තිය දුර්වල කරන්ට වෙන්ට ඇති.” මගේ මිතුරා ඔහු අසා පුරුදු මතයක් ගෙන හැර පෑවේ ය.
මගේ මිතුරා කවදත් අපේ රට පාලනය කළ සුද්දන් දෙස බලන්නේ සැක මුසු සිතිනි. සුද්දන් විසින් කරන ලද යහපත් යාවක් වුව ද සැක කරන්නට දැඩි ජාති මාමකත්වයෙන් සිතන පතන ඔහු පෙළඹෙයි. සුදු ජාතිකයන් අපේ කුඩා රට සම්පූර්ණයෙන් ම යටත් කර ගත් බව ඇත්ත ය. සිය හිරු නොබසින අධිරාජයේ ආර්ථික හා දේශපාලනික ඕනෑ එපාකම් මත අපේ රට උඩු යටිකුරු කළ බව ඊටත් වඩා ඇත්ත ය. එහෙත් ඔවුන් අපට දායාද කළ වටිනා කියන දෙය ද අගය කරන්නට ද අප හුරුපුරුදු විය යුතු ය.
“දන්නවද? අපේ රටේ කඳුවල උස ජාමිතික මිනුම් අනුව මැන්නෙ මුල් ම කාලෙ ආපු සුද්දෙක්. එයා යුද හමුදාවේ ඉංජිනේරුවෙක්. නම ජෝන් ‍ෙසර්.”
“ඒ ඉතින් උන්ගෙ අධිරාජයේ ඕනෑඑපාකම්වලට නෙ. නැතිව ගමේ ගොඩේ හිටපු අහිංසක සිංහල ගැමියන්ගෙ යහපතට නෙවෙයි නෙ.” මිතුරා තර්ක කළේ ය. “ලංකාවෙ උසම කන්ද සමනොළ කියලයි එතෙක් පිළිගෙන තිබුණෙ. ඒ වැරදි අදහස නැතිවුණේ ෙසර් නිසා.” මම කීවෙමි.
“මහා පාරවල්. කෝච්චි පාරවල් හැදුවෙ සුද්දො කියල ඔයා ඊළඟට කියයි මතක තියාගන්ට. උන් ඒවා හැදුවෙ උන්ගෙ ආර්ථික භාණ්ඩ වාහනය කරන්ට නැතුව අපේ රට දියුණු කරන්ට නෙවෙයි.”
“මම කතාකරන්නෙ ඒ දේ කරන්න වෙහෙසුණු සුදු නිලධාරීන් ගැන. අධිරාජයේ ආණ්ඩුව ගැන නොවෙයි. ලංකාවේ මහා මාර්ගවලින් සැතපුම් තුන්දාහක මහා මාර්ග හැදුවෙ මේජර් තෝමස් ස්කිනර්. එයා පාරවල් හදන්න දුක් වින්ද හැටි ‘ලංකාවේ පනස් වසක්’ කියන එයාගෙ පොතේ හොඳට විස්තර කෙරෙනව.” ලංකාව පාලනය කරන්නට සිය හිරු නොබසින අධිරාජය වෙනුවෙන් පැමිණ අපේ රටට වටිනා මෙහෙයක් කළ බොහෝ සුදු නිලධාරීන් පිළිබඳ මා එදා මගේ මිතුරා හා කතා කළා මට මතකය.
අපේ මහාවංශය ලෝ පතළ කෘතියක් බවට පත් කරන්නට දායක වූයේ ද සුදු ජාතිකයෙකි. ඒ මහාවංශයේ මුල් පරිච්ඡේද 37 ඉංසි භාෂාවට පරිවර්තනය කළ ජෝර්ජ් ටර්නර් ය. 1820 දී පමණ ලාබාල තරුණයකු වූ ටර්නර් රත්නපුරේ දිසාපතිවරයා විය. ඔහු භික්ෂූන් වහන්සේලා ඇසුරු කරමින් සිංහල භාෂාව උගත්තේ ය. පසුව පාලි භාෂාව ද ගුණ කළේ ය. පාලි භාෂාව පිළිබඳ ශබ්ද කෝෂ පවා නොතිබුණු යුගයක ටර්නර් මහාවංශය ඉංසියට හැරවී ය. එවකට මහාවංශය සිංහලට ද පරිවර්තනය වී නොතිබිණි. 1837 දී මුණය වූ ඉංසි මහාවංශය ඉන්දියානු පුරා විත්මක කැණීම් කළ ජේම්ස් න්සෙප්ට ද ඇතැම් කරුණු නිරාකරණය කරන්නට පිටුවහල් වූයේ ලු.
කාශප රජු විසින් ඉදිකරන ලද සීගිරිය මිනිස් අවධානයෙන් තොර වී වල් වැදී තිබුණේ ය. සියලු නටබුන් වසා දමමින් සද්දන්ත ගස් වැවී තිබිණි. ලංකා ඉතිහාසය කියවා කුතුහලයට පත්ව සිටි මාතලේ දිසාපති තනතුර දැරූ මේජර් ජොනතන් ෆෝබ්ස් නම් සුද්දාට කාශප රජු තැනූ සීගිරිය සොයා යන්නට සිතිණි. ඔහු පිරිවර සහිතව මහ වන දුර්ග මැදින් . ව. 1831දී සීගිරිය සොයා ගියේ ය. බොහෝ වෙහෙසකර ගවේෂණයකින් පසු ෆෝබ්ස්ට සීගිරිය වටා බැඳි ගල්පවුර දක්නට ලැබිණි.
මේජර් ෆෝබ්ස්ට දෙවතාවකදී සීගිරි සිතුවම් පිහිටි ගුහාවට යන්නට ලැබිණි. එහෙත් මහ වනයකින් වැසුණු පර්වතයේ මුදුනට නඟින්නට ඔහුට අසීරු විය. සිංහ සීරස ෆෝබ්ස්ට හමු නොවූ බැවින් මේ සීගිරිය දැයි සැකය ද ඔහු තුළ ජනිත වී තිබිණි. කෙසේ වෙතත් පසු කාලීනව සීගිරිය හෙළිපෙහෙළි කළ එච්. සී. පී. බෙල් වැනි සුදු ජාතිකයන්ට මේජර් ෆෝබ්ස්ගේ සොයා ගැනීම් ඉමහත් පිටුවහලක් වන්නට ඇත.
පිළිවෙළකට ඉඩකඩම් වවන ගැමියන් ඇගයෙන්නේ සුද්දාට සමාන කිරීමෙනි.
“ලොකු ආතාගෙ රබර් වැවිල්ල සුද්දගෙ වගේ තමයි.” අප කුඩා කල අපේ ගමේ සිටි දක්ෂ වැවිලිකරුවෙකු ගැමියන්ගේ ඇගයීමට ලක්වූයේ ඒ ආකාරයෙනි. කොහොමටත් පිළිවෙළකට වැඩකටයුතු කරන්නා සුද්දාට සමාන කෙරේ.
නීතිගරුකව ආයතන පාලනය කළ අල්ලස හා දූෂණයට දැඩිව එරෙහි වූ සුදු නිලධාරීන් පිළිබඳ කතා අපේ සමාජයේ බහුලය. මේ එවන් කතාවකි.
මේ කතාව මට කිවූ මගේ කිට්ටුවර නෑදෑයා නගර සභා වැනි ආයතන කීපයක විවිධ නිලතල දරා සේවයෙන් ඉසිඹු ලැබූවෙකි. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඇත්තේ එක්දහස් නවසිය හැටපහේ පමණ ගම්සභාවක ඕවර්සියර්වරයෙකු සේ ය. ඒ දවස්වල ගම්සභා බල දේශයේ අලුතින් පාලමක් ඉදිකරන්නට මුදල් රජයෙන් අනුමත වී තිබිණි. දිස්ික් ඉංජිනේරුවරයාට එතරම් මුදල් මාණයක ඇස්තමේන්තු අනුමත කිරීමේ බලය එකල නොවී ය. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ධාන නිලධාරියා පැමිණෙන බව දන්වා තිබිණි. හේ සුදු ජාතික නිලධාරියෙකි.
“මහත්තයෝ අපි සුද්දට කෑම වේලක්වත් දෙමු ද? කොණ්ඩය බඳින පැරැණි පන්නයේ ගැමි භූවරයෙකු වූ ගම්සභාපති තැන මගේ නෑදෑයාගෙන් විමසීය. “එයා අපේ කෑම කන්න කැමති වෙයි ද? අපි ‘ඔරේන්ජ් බාර්ලි’ දෙමු.” නෑදෑයා යෝජනා කළේ ය. (එකල ඔරේන්ජ් බාර්ලි ගැමියන් අතර ජනිය බීමකි.)
සුදු ජාතික නිලධාරියා පාලම ඉදිකරන තැනට පැමිණ අවශ කටයුතු සම්පාදනය කරමින් සිටියේ ය. ඔහු වැඩි කතාබහක් නැති වැඩකටයුතු කෙරෙහි ම අවධානය යොමු කරන කෙනෙකි. කිසිවෙක් ඔහුට කිට්ටු නොවෙත්, ඔරේන්ජ් බාර්ලි බෝතල් පසෙක මේසයක තැන්පත් කර තිබේ. අපේ නෑදෑයා සුද්දාගේ රියැදුරු තැනට කිට්ටු කළේ ය.
“බාර්ලි බෝතලයක් ලොකු මහත්තයට දෙන්නෙ කොහොමද?”
“බාර්ලි දෙන්න! පුද්ගලික ලිපි ගොනුවට අවවාද ලියුමක් දාගන්න කැමති නම් කමක් නෑ. ඔය මනුස්සය වැඩ කරන තැනදී කාගෙන්වත් වතුරවත් බොන්නෙ නෑ.” රියදුරා කීය.
වැඩ නිම වූ පාලම පරීක්‍ෂා කරන කාලයේ සුද්දා සේවයෙන් ඉවත්ව ගොස් තිබිණි. එදා පරීක්ෂාවට ආවේ සිංහල නිලධාරියෙකි. ඔහුට සංහ කරන්නට තැඹිලි වලු දෙකක් ගෙනැවිත් තිබිණි. වැඩ නිම කළ නිලධාරියා තැඹිලි ගෙඩියක් පානය කළේ ය. ඔහු පිටත් වන විට ඉතිරි තැඹිලි ජීප් රියට පැටවිණි.
“එතන තමයි හැරවුම් ලක්ෂය.” නෑදෑයා කතාව නිම කරමින් කීවේ ය.
මා මේ කතා ඔබට කීවේ සුද්දන් වර්ණනා කරන රිසියෙන් නොවේ. අවුරුදු එකසිය ගණනක අධිරාජ‍වාදී පාලනය අගය කරන්නට ද නොවේ. ඇතැම් සුදු පාලකයන් තුළ තිබුණු සුන්දර තැන් ගැන කියන්නටය. අප ඔවුන් අනුකරණය කළ ද ඔවුන් වෙතින් අප උකහාගත යුතු දේ අතහැර නොවටිනා දේ පමණක් ලබා ගත් බව සිහිපත් කරන්නට ය.

No comments:

Post a Comment