බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
“ඊයියා..” යි පුංචි පුතා පිළිකුලෙන් හඬ ගෑවේ ය.
බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
හියු ලෙවින් දකුණු අප්‍රිකානු සුද්දෙකි. එංගල් බ්‍රෙෂ්ට් ද එසේම ය. බෝයර් ජාතිකයෙකු වූ ඔහු දකුණු අප්‍රිකාවට ආ සුද්දන්නට විරුද්ධව සටන් කළේ ය. පරාජය වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ ය.
“පුතේ! අපි පන්සලේ ඉඳල එද්දී කුමාරසිංහ වත්තේ කැලේ අද්දර මුව ජෝඩුවකුයි පැටියෙකුයි දැක්කනෙ” මීට වසර අටකට පමණ පෙර දිනක ගල්කන්ද රජමහා විහාරයේ සිල් සමාදන් ව පසුදා නිවසට පැමිණි මගේ මව මා හට සැළ කළේ විස්මිත ආරංචියකි. එය විස්මය දනවන ආරංචියක් වූයේ මගේ බාල අවදියේ (60 දශකයේ) පටන් ම කිසි දිනෙක අප ගම් පළාතේ මුවන් සිටිනු මා දැක නැති හෙයිනි.
සයිමන් නවගත්තේගම මහතා පණ්ඩුකාභය නාටකය සඳහා ගී පද රචනා කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක් කළේ ය. ඔහු විසින් ගෙදරට ම පැමිණ මෙම ඉල්ලීම වාර ගණනාවක දී ම කරනු ලැබූව ද එදවස උකටලී සිතින් යුතුව සිටි මම පණ්ඩුකාභය නාටකය සඳහා ගීත රචනයට එතරම් උනන්දුවක් නොදැක්වීමි.
අඹ ගහ යටට එක් රැස්වන පුංචලාටත් පැංචිලාටත් හදිසියේම පණිවිඩයක් ආවා. ඒ පන්සලේ ලොකු සාදුගෙන්. පණිවිඩේ අරන් ආවේ පන්සලේ ඇබිත්තයා හැටියට වැඩකරන කළු මාමා.
මීදුම් සළුව ඉහිරී අරුණලු කෙඳිති පොල් රූප්පාවෙන් එබිකම් කරන මොහොත නෙතට රසඳුනකි. කො වේ මා වේ දෙපස තුරුවියන ගතට ද සැනසුමකි. ක්ෂූද්‍ර වීදියක් මහා වීදියක් බවට පරිවර්තනය වෙමින් පවතින පන්නිපිටිය - දෙපානම සරිය තවමත් ගතට සිතට විඩාවක් නොදෙනුයේ එම හේතුව ද නිසා ය.
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1944 වසරේ බෝගම්බර හිරගෙදර සිටිය දී ලියූ “නිදහස් අධ්‍යාපනයේ ස්වරූප” නම් වූ ලියැවිල්ල කියවද්දී මට වඩාත් ප්රත්යක්ෂව දැනෙන්ට පටන් ගත්තේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ උදාර වූ ජාතික මෙහෙවර. කන්නන්ගරයන් හැඳින්වෙන්නේ “නිදහස් අධ්‍යාපනයේ පියා” වශයෙන්. ඔහු පිළිබඳ අනුස්මරණ ලිපි කීපයක්ම පසුගිය දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු මා දුටුවා.
ගිය වසරේ අපට මන්නාරමට යෑමට උවමනා වුණා. එහි යද්දී මාර්ග බාධකවලට හසු වෙන බවත් ගුවන් බලපත්‍ර පෙන් වූ විට නැති කරදරවලට මුහුණ දෙන්නට වන නිසා හොඳම දේ ජාතික හැඳුනුම්පත ඇති ව යාම බව මීට පෙර ඒ ගමන ගිය අයගෙන් ලැබුණ අවවාදයයි.
පෙර පාසල් යන කාලේ හැකි සෑම විටම ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට අප නිවසට දිව එන “නෙතු” දැන් පාසල් යයි. එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම අපි දෙන්නා කිසියම් දෙයකට ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ “නෙතූ” ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය.
අවිස්සාවේල්ලේ සිට හයිලෙවල් පාර ඔස්සේ කොළඹ බලා ඇදෙන පුද්ගලික බස්රිය ගමන් ඇරඹුවේ අලස සෙයියාවෙනි. ඒ එම බස් සේවයේ ස්වභාවයයි. ගමනේ මුල් කොටස ධාවනය වන්නේ හැකිතරම් මන්දගාමී ආකාරයට ය. පසුපස අසුනක සිටි මගේ ඇස් ද මඳින් මඳ අඩවන් වන්නට පටන් ගනියි. රියේ කොන්දොස්තර තැන ටිකට් නිකුත් කරන්නට පටන් ගත්තේ ය.