මෙයින් ‘චිත්‍රකලා සෙව්වන්දිය’ කියන පොත චිත්‍ර කලාවේ නූතන යුගය අරභයා ලියවුණු කෘතියක්. එහි නූතනවාදී සිත්තරුන් 15 දෙනකුගේ චිත්‍ර නිර්මාණ පිළිබඳ සාරගර්භ විවරණයක් ඇතුළත්ව තිබෙනවා.
දියාගෝ රිවේරා (1886 – 1957) පසුගිය සියවසේ මැක්සිකෝවේ සිටි ශ්‍රේෂ්ඨත ම චිත්‍ර ශිල්පියා. ඔහුගේ ‘ඉදල් ඉරිඟු අමරණීය’ නම් වූ චිත්‍රය ගැනත් එරික් තම පොතේ මාහැඟි විශ්ලේෂණයක් කරනවා.
දියාගෝ මැක්සිකෝ නගරයේ සන් කාර්ලෝස් ඇකඩමියේ අධ්‍යාපනය ලැබුවා. ඔහු චිත්‍ර ශිල්පය උගත්තේ පොසාඩා ජෝසේගෙන්. ඉන්පසු ශිෂ්‍යත්වයක් ලැබ යුරෝපයට යන දියාගෝ පැරිස් නගරයේ දී පබ්ලෝ පිකාසෝ හමු වී ඔහුගේ ඝනිකවාදය (CUBISM) නම් වූ චිත්‍ර කලා රීතියේ ආභාස ලැබ තම චිත්‍ර කලාව වැඩිදුරටත් දියුණු කරනවා. මොඩිග්ලියානි, බ්‍රාක් ඔහු එකල ඇසුරු කරන තවත් වැදගත් පෙරටුගාමී කලාකරුවන්. එසේම ඔහු ඉතාලියට ගොස් පුනරුද චිත්‍ර කලාව(RENAISSANCE ART) ඉගෙන ගන්නවා.
’නයිට් ඔෆ් ද රිච්’, ‘ස්ටිල් ලයිෆ්’, ‘වුමන් ඇට් මාර්කට්’, ‘නයිට් ඔෆ් ද පුවර්’ දියාගෝගේ විශිෂ්ට චිත්‍ර නිර්මාණ. නිව්යෝර්ක් නගරයේ රොකෆෙල් මධ්‍යස්ථානයේ දියාගෝ ඇඳි බිතු සිතුවම ‘මෑන් ඔෆ් ද ක්‍රොස් රෝඩ්’. එහි ලෙනින්ගේ පින්තූරයක් ඇතුළත්ව තිබූ බැවින් පසුව විනාශ කර දමා තිබුණා. ලෝක ප්‍රකට කවියකු වූ පැබ්ලෝ තෙරුඩාගේ ‘කැන්ටෝ ජෙනරල්’ කාව්‍ය සංග්‍රහයේ පිටකවරය නිර්මාණය කළෙත් දියාගෝ.
දියාගෝට පැහැදිලි දේශපාලන සවිඥානකත්වයක් තිබුණා. ලියෝන් ට්‍රොට්ස්කි මැක්සිකෝවට පලා ආ අවස්ථාවේ ඔහුට නවාතැන් දුන්නේ දියාගෝ. ස්ටැලින්වාදී කලා ව්‍යාපාරයට එරෙහිව ඔහු අන්ද්‍රෙ බ්‍රිටෝන් හා එක්ව අස්සන් කළ ‘ස්වාධීන විප්ලවවාදී කලාවක් කරා’ නම් වූ ලියවිල්ල ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් එකක්. (එම ලියවිල්ල මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ‘ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍ය කලා’ නම් වූ පොතේ පරිවර්තන කර පළකරනු ලැබ තිබෙනවා)
නොයෙක් අවුල් වියවුල් මතින් ඔවුන්ගේ යුග දිවිය ගෙවී ගියා. පසුව ඔවුන් දික්කසාද වුණා. ඒ වකවානුවේ ෆී‍්‍රඩා ඇඳි සිත්තමකින් ප්‍රකාශ වුණේ එකිනෙකා වෙන් වුවත් ඇගේ ලෝකය තුළ ඔහු තවදුරටත් කාල්පනිකව ජීවත්වන බවයි. ඇගේ එක්තරා ආලේඛ්‍ය චිත්‍රයක නළල් තලය මත දියාගෝ සිටින අයුරු චිත්‍රණයව තිබුණා. ඉන් සාක්ෂාත් වූයේ ඇයට දියාගෝ නොමැතිව ජීවත් විය නොහැකි බවයි. දික්කසාද වී අවුරුද්දක් යන්නත් මත්තෙන් දෙදෙනා යළිත් විවාහ වුණා.
ෆ්‍රීඩා මිය යන්ට වසරකට පමණ පෙර පැවැත් වූ එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී දියාගෝ ප්‍රකාශ කර සිටියේ මැක්සිකෝවේ ශ්‍රේෂ්ඨත ම චිත්‍ර ශිල්පිනිය ෆ්‍රීඩා බවයි.
ෆ්‍රීඩා කාර්ලෝ පිළිබඳ විශිෂ්ට ගණයේ සිනමා පටයක් ද නිර්මාණයව තිබෙනවා. එම චිත්‍රපටයේ නම ‘ෆ්‍රීඩා’.
1955 දී ෆ්‍රීඩා මෙලොවින් සමුගන්නවා. ඒ අවුරුද්දෙම දියාගෝ තවත් කාන්තාවක හා විවාහ වුණා. දියාගෝ මිය ගියේ ඊටත් අවුරුදු දෙකකට පස්සේ.
එරික්ගේ පොතේ දියාගෝ ගේ විතරක් නොව ෆ්‍රීඩාගේ චිත්‍රයක් ගැනත් විවරණයක් තිබුණා නම් වැදගත් ය කියා මා හිතනවා.
No comments:
Post a Comment