10/05/2012

පුවත්පතේ



පැත්තක් ගියත් ඇත්ත කිව්වාට ලකුණු ලැබුණේ ඉස්සර කාලයේ ය. දැන් නම් වැඩිපුර කෙරෙන්නේ ඇත්ත හංඟාගෙන පැත්ත රැක ගැනීම ය. ඇත්ත පැත්තක තියා තමන්ගේ පාඩුවේ පැත්තකට වී බකංනිලාගෙන ඉඳීම, ඇඟට ගුණදායක යැයි සමහරු සිතති. තවත් සමහරු තමන්ගේ පැත්තේ ඇති තතු වෙනත් පැත්තකට විකුණා මඩිය තර කර ගනිති. පැත්තක් නොව බෙල්ලම ගියත් කමක් නැතැයි සිතමින් ඇත්ත පැත්තට වැඩ කළ උදවිය ද මේ රටේ නොසිටියා නොවේ. දැන් නම් අඩු ය. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයෙන් අනුග්‍රහය ලැබූ දිනපතා පත්තරය “ඇත්ත” නම් වූයේ ය. එහෙත්, යූ. ඇන්. පී. කාරයෝ නම් “ඇත්ත” ට ද “පච පත්තරේ” යැයි කියූවෝ ය.

කන්තෝරුවේ මස් කටුව



“ෂක්කෝ.....මේක නියම්ම බල්ලු හිනාවක් නේ...” කියලා කිව්වේ තැබෑරුමෙන් එලියට විසි වෙච්චි දෙන්නාගෙන් එක් කෙනෙක්. ටොමිසන් ගැස්සුණා.
“ඇත්තටම මේ ක්ලාක් මහත්තයා ද? නෑ...නෑ....වෙන්න බෑ..එහෙනං මාව අඳුර ගන්නවා නේ....”

ගාර්ෂියා ලෝකාගේ ඥාතිවරියක හමුවීමි



ස්පාඤ්ඤය මා දුටුවේ කලාගාර හා කලාකරුවන්ගෙන් සපිරුණු මනෝරම්‍ය දේශයක් හැටියට ය. ඇසි දිසි මානයේ මතු වූ සුවිසල් දේවස්ථාන ගොඩනැඟිලි ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය පෙන්නුම් කරන්නක් විය. “ගොතික් ආර්ක්” නම් ආරුක්කුව මෙම ගෘහ නිර්මාණ කලාවේ වෙසෙසි ලක්‍ෂණයකි. අතීත විභූතිය කියාපාන පුරදොර මෙම ගොඩනැගිලි මෙන් ම සෙවිලි ගම් දොරකින් ගලා ගිය ගඟ දියවර හා මිටියාවත ද ගුත්තිලයෙහි එන මිහිරිත ම කවක් සේ මසිත් හි ඇඳී ඇත.

පවසට පැන් පොදක්



“පොල්ගස්වල කරටි කඩා වැටිලා. කවදා හරි වැස්සත් අවුරුදු විස්සක් විතර යනතරු ගොඩ ඒමක් නැහැ” නිකවැරටිය ප්‍රදේශයේ ජීවත් වන මගේ මිතුරෙක් දුරකථනයෙන් එසේ පැවසී ය. ඒ ඇමතුම ලැබෙන විට අගනුවර මා ජීවත් වන කිරිගම්පමුණුව ගම්මානයට සිහින් පොද වැස්සක් වැටෙමින් තිබිණ. එම වැස්සේ සිරි සිරිය යටපත් කරන හඬක් දුරකථනය ඔස්සේ මගේ සවනට විත් හදවත රිදෙව්වේ ය. “හෝස් - හෝස්” සරින් නැඟුණු එම හඬ මිතුරාගේ කතාවට ද බාධා කළේ ය. දැඩි නියං සමයෙහි වියළි තැනිතලාව මතින් හමා යන එම සුළං දහරේ නාදය මට හොඳින් පුරුදු ය.

සෙව්වන්දිය



එරික් ඉලයප්ආරච්චි හුදෙක් කවියෙක්, කෙටිකතාකරුවෙක්, ඔපෙරා රචකයෙක් විතරක් නෙමෙයි, අපේ රටේ සිටින විශේෂ ගණයේ චිත්‍ර කලා විචාරකයෙක්. ඔහු විසින් චිත්‍ර කලාව අළලා පොත් කීපයක් ම ලියනු ලැබ තියෙනවා. ඒ ‘චිත්‍ර කලාව සහ විචාරය’, ‘චිත්‍රකලා සෙව්වන්දිය’, “චිත්‍රකලා සියපත’ යනාදී වශයෙන්.

දෙව්ලොව සරසන මනුලොව කුසුම්



පහුගිය පළාත් සභා ඡන්දෙ කාලෙ මැතිවරණ වේදිකාවල ජාතිවාදයයි’ ආගම්වාදයයි අවුස්සලා ජනතාවගේ හැඟීම් ගසාකන්න ඇතැම් දේශපාලනඥයන් වලි කාපු හැටි දැක්කහම මීට අවුරුදු කිහිපයකට කලින් නැෙඟනහිරදී මුණගැසුණ සැබෑ මානව ප්‍රේමියෙක් මගේ මතකයට නැඟුණේ නිරායාසයෙන්. වාර්ගික හා ආගමික සහජීවනය යනු කුමක්දැයි ක්‍රියාවෙන්ම පෙන්වා දුන් ඒ අව්‍යාජ මිනිසාට ශීර්ෂ ප්‍රණාමය පිණිසයි මේ සටහන.

පන්සල් වත්තෙන් පොල් ගෙඩියක්



කිරිවැදී නියරට වැටුණු රන්පාට කරල් වමතින් ඈත් මෑත් කරමින් දැකුණතින් මල්වට්ටිය අරගෙන වෙල් නියර දිගේ එන ගැමියෙක් නියර අවසානයේ ඇති පන්සලේ පොල් මණ්ඩියට වැටී එන අතරතුර පාරට වැටී ඇති පොල් ගෙඩියක් දෙස බලා ගමන් ලතාවේ වෙනසක් න ොවන සේ එය සිය දකුණු පසින් අසල ඇති වදුලකට දමා නාගස්මණ්ඩිය ළඟින් පන්සල් බිමට ඇතුළු වෙයි.