10/05/2012

කඩු හරඹ



මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය හැත්තෑ පහ හෝ හැත්තෑ හය විය යුතු ය. ඒ වන විට මා නවවන ශ්‍රේණියේ හෝ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නට ඇත. කෑගලු නගරයේ නිවෙසක නතර වී පාසල් යමින් සිටි මම සති අන්තයක රෙදිපෙරදි අඩංගු ගමන් මල්ලක් රැගෙන ගෙදර යමින් සිටියෙමි. මා ඔබට හඳුන්වා දෙන අපූරු ආගන්තුකයා මට හමුවූයේ බස්රියේදී ය.

කැකුළු කඳුළු



කිරි හොද්දට කරපිංචා කොළ ස්වල්පයක් එක් කළ විට මැවුණ අපූරු වර්ණ සංයෝජනය, ළිප ගින්දරේ විඩාවත් පීඩාවත් අකා මකා දමයි. කහ පැහැය මත පා වෙන කොළ පැහැය දෙනෙත සනහාලයි. නොනවත්වා හැඳි ගෑම මඳක් වෙහෙසකර වුව ද කිරි හොද්දත්, කැකුළු බතත්, කරවල බැදුමත්, සම්බෝලයත් මොනතරම් රසවත් ආහාර වේලක්දැයි නොසිතා ඉන්නට නුපුළුවන.

මැහැල්ල කැටුව ගිය යුවතිය



ඇය පෙනුණේ දුරින් වුවද ඇගේ දෙකොපුල්හි ඇත්තේ රෝසමල් පෙත්තක සිනිඳු බව යයි මට හැඟිණ. අත් පා දිදුළු දෙන රන් ලතා ය. පියොයුරු දඟ ය. සිහිනිඟ, සායට තෙරපුණු දෙවටොර, මගේ දෑසට ඉවසුමක් නැත. ලොව අසිරිමත් ම මැවුම ඇය. මදින් මද ළං වූ ඇගෙන් මගේ දෑස මත්විය. ඒ සොඳුරු තුරුණු ලලනාව සමග එන්නී මැහැල්ලකි. ඇගේ සුදු කෙස් හිසට ම ඇලී භාවනාවක ය.

සුනඛ පෙම



‘රෝ’ අපේ ගෙදර ඇවිත් තිබුණෙ මම සරසවියෙ ඉගෙන ගන්න දවස්වල. නිවාඩුවට ගෙදර ගියාම සාලෙ තිබුණු වේවැල්වලින් ගොතපු පුටු හතරෙන් එකක් යටට වෙලා දඟකාර ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්කා. තනි කළුපාට ඇස්වල ලියවිලා තිබුණෙ “මම ඔයත් එක්ක සෙල්ලම් කරන්න එන්නද වගේ අදහසක්. මම ටිකක් බයෙන් තමයි අලුත් අමුත්තා දිහා බැලුවේ.

කාගෙද මේ දෝණි



ළදරු පාසල් යන්න සූදානමින් හිටිය පුංචි දූ අම්මගෙ සාරි පොටේ එතෙන්න ගත්තා.
“නිකං ඉන්නකො පුතේ අම්මට අඳින්න පමාවෙනවා. කෝ ගිහින් සපත්තු දෙක දා ගන්න. “
අම්ම කිව්වා. කියන පමාවට ඒ වැඩේ කරපු දූ ආයිත් ආවා. අම්ම වටේ එතෙන්න ගත්තා.

9/20/2012

සලා ගුරු සොයා ගිය සරා ගුරු


රඹුක්කන සලා ගුරුන්නාන්සේ චූල සම්ප්‍රදායට අයත් පොත පත රාශියක් ලියූ ගැමි කවියෙකි. සූවිසි විවරණය, උත්තර සාමණේර කථා වස්තුව, කිණිහිරි නම් දිව්‍ය විමාන විස්තරය, අභිනව හෝඩිය පටුන සහ මහාමේරු පර්වත අලංකාරය ආදී ඔහු විසින් ලියා ඇති කවි පොත් කෑගල්ලේ විද්‍යා කල්ප යන්ත්‍රාලයෙන් මුද්‍රණය කොට බෙදා හැර ඇත.

ආර්ථිකය සීරුවෙන්!



පැණි වරකා ගහටත් හෙණ ගහනවලු.” ලංකාවේ සමහර තැන්වල සමහර ඇත්තොත් හෙණ ඉල්ලනවලු. එයාලට ළඟ තියා ගන්න නෙවෙයි. එයාලට හෙණයක් වුණු සමහර ලොකු ඇත්තන්ට විරුද්ධවලු. හැබැයි ඒ ඇත්තන්ව ලොක්කෝ කරවල තියෙන්නෙත්, ලොකු වෙන්ඩ හිතාගෙන ඒ ඒ තැන්වල මුදල් හොරෙන් තැන්පත් කරාපු උදවියමලු. කොහොම වුණත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යාචකයෝ වුණු හුඟක් දෙනෙක් බදු ගෙවන අයටත් සොයා ගන්න බැරි ගණන් අවධිමත් බැංකුවල තැන්පත් කරලා දැන් හූල්ලනවලු . හැබැයි ඉතින් මේ වාගේ දේවල් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවල වැරදි හංදම කියන්ඩත් බැරිලු. ඒත් අනික් පැත්තට මහ බැංකුව ආණ්ඩුවේ නිසා ඒක ඉන්තේරුවෙන් ම අමතක කරන්ඩත් බැහැ.