පැණි වරකා ගහටත් හෙණ ගහනවලු.” ලංකාවේ සමහර තැන්වල සමහර ඇත්තොත් හෙණ ඉල්ලනවලු. එයාලට ළඟ තියා ගන්න නෙවෙයි. එයාලට හෙණයක් වුණු සමහර ලොකු ඇත්තන්ට විරුද්ධවලු. හැබැයි ඒ ඇත්තන්ව ලොක්කෝ කරවල තියෙන්නෙත්, ලොකු වෙන්ඩ හිතාගෙන ඒ ඒ තැන්වල මුදල් හොරෙන් තැන්පත් කරාපු උදවියමලු. කොහොම වුණත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යාචකයෝ වුණු හුඟක් දෙනෙක් බදු ගෙවන අයටත් සොයා ගන්න බැරි ගණන් අවධිමත් බැංකුවල තැන්පත් කරලා දැන් හූල්ලනවලු . හැබැයි ඉතින් මේ වාගේ දේවල් වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවල වැරදි හංදම කියන්ඩත් බැරිලු. ඒත් අනික් පැත්තට මහ බැංකුව ආණ්ඩුවේ නිසා ඒක ඉන්තේරුවෙන් ම අමතක කරන්ඩත් බැහැ.
මහ බැංකුව දිනපතා පුවත් පත් බලන්නේ නැතුව ඇති කියා සිතන්න බැහැ. එහෙම නොබැලුවොත් රූපවාහිනියයි, රේඩියෝවයි ඇහෙන් නැහැ කියන්ඩත් බැහැනේ. අහෙන්නෙ නැතිවුණාට අස්සවන, බලන්නෙ නැත්නම් බලවන විද්‍යුත් මාධ තියෙන අපේ රටේ ඒක නිදහසට කාරණයක් වෙන්ඩත් බැහැ. මොකද මේ බොහෝ ආයතන, දඬුවම් මුදලාලිලා, සක්විති නොවූ රජවරු හොරෙන් අත යටින් මේවා කළා නොවෙයිනේ. හොඳ ලස්සනට වෙළෙඳ දැන්වීම් දාලා, එළි පෙහෙළියට කරාපු දේවල්. කොහොම වුණත් ඔක්කොම ඇඳෙන් බැස්සේ ගහෙන් ගෙඩි එන්න වාගේ. මිලියන ගාණින් පාඩු පිට පාඩු වුණා කියල කතා වෙද්දියි. හැබැයි මේ එදා කතාව.
අද කතාව “පැණි වරක ගහටත් හෙණ ගහන කතාවයි.” මේක ඇත්ත කතාවක් වේගෙන එනවා. ආයෙත් අර ලෝකෙටෙම ස්ථාවර කීව, ජාතන්තරේ දේශීය බැංකුව කීව බැංකුත් එක පිට එක වැටෙන්න අරගෙනලු. අමෙරිකා එක්සත් ජනපදයේ, බැන්ක් ඔෆ් ඇමෙරිකා, එච්. එස්. බී. සී. බැංකුව ඇතුළුව බැංකු හැත්තෑ ගාණක් දැන් වැසීගෙන යන තත්ත්වයට වැටිලලු. මහා තානයේ හිරු නොබසින අධිරාජයේ විතරක් නොවෙයි බැංකු මය වාප්ත වුණු, බැංකු වලට නීති හදාපු රටේත් බැංකු ගෙඩි පිටින් වැටෙන්න යනවලු. කොහොම වුණත් අලුත්ම සංඛා ලේඛනවලට අනුව ලෝකයේ දැන් ධාන පෙළේ බැංකු එකසිය හැත්තෑ හතරකට ම කණකොකා හඬාගෙන ගිහිල්ලලු.
මේ තත්ත්වය ලෝක ආර්ථිකය උඩු යටිකුරු කරවන්න, පෙරළවන්න බලපාන දෙයක්. බැංකු වැටෙනවා කියන්නේ ඒවායේ වාපාරික කටයුතුවලින් ගනුදෙනුකරුවෝ ඈත් වෙනවා කියන එකයි. ඒකට බලපාන්නේ විශ්වාසය සමඟම මුදල්වල තියෙන වටිනාකම නැතිවීමයි. ආර්ථික වි භාෂාවෙන් කියනවා නම් මුදලේ ය ශක්තිය පිරිහීමයි.
මේ තත්ත්වය නිසා මුදල් වෙළෙඳපළින් ඈත් වෙනවා. මල්ලක් බඩුගන්න ගෝනියක සල්ලි අරන් යන්න වෙනවා. එහෙම වුණාම ඇතිවෙන්නෙ උද්ධමනය. ඒක ගැන අපේ රටේ ඇත්තෝ ඉස්සර හරියට පුරසාරම් දෙඩුව. අපේ උද්ධමනය අඩුයි කියලා ඒ ඇරුණු විට ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න යෙදුව පිළියම් අඩුයි. මේ ඇත්තෝ පුළුවන් තරමට වඩා රටේ මුදල් මැව්වා. මුදල් අච්චු ගහනවාට වඩා භයානක දෙයක් තමා මුදලට නිදැල්ලේ ගලාගෙන යන්ට ඉඩදීම.
බැංකු ටික තරගෙට ණය දුන්නා. අර බැංකුවට වඩා අපේ බැංකුව ලාබෙ වැඩියි කියල පත්තරවල පිටු ගණන් දැන්වීම් දාලා කෑමොර දුන්නා. ලාභය වැඩිකර ගන්න එක හොඳයි. ඒත් දරන්න බැරි තරමට ණය මැවීමෙන් පොලී අනුපාත වෙනස් කරමින් කරන ඒ විජ්ජාව සාධාරණ නැහැ. ඒ විතරක් නොවෙයි ඒක කර්මාන්තයක් විදියට බැංකු පවත්වාගෙන යන මහත්තුරුන්ගේ ඉගෙන ගත්තු මයක් නොවෙයි. ඒත් අද ඒක වෙලා. මෙහෙම කියන්නේ අපි නොවෙයි. ලෝකයේ බැංකුවල අවධානම ගැන ඊයේ පෙරේදා කතා කරපු Standard & Poor ආයතනයයි. එයාලට අනුව අපි ඉන්නේ ලෝකයේ නරකම තැනට ටිකක් උඩින්. ණය දීම වැඩි නිසා අපි ලබාපු අවධානම සමාන වන්නේ නයිජීරියාව වාගේ රටවල් එක්ක. අපේ මහ බැංකුව මේ කියමනට එරෙහිව අවි අමෝරා ගත්තත් ණය බර වැඩි නිසා දුක් විඳින මිනිස්සු වැඩි බව අපි දන්නවා. එක්කෝ ගන්න කොට තිබුණු පොලිය දැන් වැඩිවෙලා නිසා ගෙවන්න ගියාම ගෙවා ගන්න අමාරුයි. එහෙම නැත්නම් ගත්තු ණයෙන් බලාපොරොත්තු වැඩ කරන්න යනකොට මුලින් තිබුණු ඇස්තමේන්තු වැඩිවෙලා. ඉතින් වැඩේ කෙරෙන්නේ බාගෙට. ඒත් තමන්ගේ බැඳීම් වගකීම් අඩුවෙන්න ඒක හේතුවක් නොවෙයි. රුපියලේ අගය අඩු වුණාම ඒක වෙනවා.
මේ කටයුතුවල අවසන් තිඵලය වන්නේ මොකක් ද? උද්ධමනය වැඩිවීමයි. එදා 15%කට තිබුණ සංඛාව අද 9.3% වෙලා. 3% කින් උද්ධමනය හිටි අඩියේ වැඩිවෙනවා කීවාම අර පිටරට බැංකු වැටෙනවා කියන ලෙඩේ අපිටත් දැනෙන්න පටන් ගන්නට හැකි බව අමතක කරන්න නරකයි. මේ නිසා වර්තමාන ආර්ථිකය ගැන ගැඹුරින් සිතන්න අපිට වටාපිටාව තට්ටු කරල කියා දෙනවා. අපේ රටේ තියෙන්නේ ස්වයංපෝෂිත ආර්ථිකයක්ම නොවෙයි. ස්වයංපෝෂිත වුණා කියල කටගන්න පෙර වෙනස් වෙන ආර්ථිකයක්, එහෙම නැත්නම් කළමනාකරණය නොකළ ආර්ථිකයක්. හැබැයි මොන පිනකට හරි එදා බටහිර ලෝකයට ආර්ථික උණ හැදෙද්දී අපට හැදුණෙ ආර්ථික හිස කැක්කුමක් විතරයි.
ඒ අපේ රටේ තියෙන මි කෘෂි ආර්ථිකේ නිසා. ඒත් අපට ඒක හැමදාම අපි බේරා ගන්න මන්යක් කියලා හිතන්න බැහැ. ඇයි එහෙම හිතන්න බැරි? අද ඉන්නල ටිකත් ගස්ලබු ගෙඩියත් පිටරටින් එනවා. මේ රටේ තිබුණු වට්ටක්කා ගෙඩිය ගස්ලබු ගෙඩියෙ රස අද ඒවාගේ දෙගුණයක් ලොකුවට එන ගෙඩියෙ නැහැ. වී අස්වැන්නෙ උණත් තියෙන්නේ පෝෂදායකත්වයක් නොවෙයි. මහ පරිමාණ අස්වැන්නක් විතරයි. අද අපි කරන්නේ බටහිර මවලට වහල්වෙලා ස්වාභාව ධර්මය රන් බිජු දමන කිකිළියක් කියා සිතා වැඩ කිරීමයි. කන්න දෙකක අස්වැන්න එකවර ගන්න යනවා.
සිද්ධියේ කතා නොකළාට උතුරු මැද හා නැඟෙනහිර කුඹුරු මැරුණේ කොහොමද? වාන් ඇළවල් දෝරේ යන්නට, වැව් පිටාර ගලන්නට වැහැපු රටේ ජලය හරියාකාරව කළමනාකරණය නොකළ නිසා කුඹුරු පැහිල අහවර වෙන්න පෙර ජලය අහවර වෙලා. හැබැයි නිලධාරි වැහි වැහලා. එයාල අතිකාලත් ගන්නවා. බටාත් ගන්නවා. ඒත් තමන්ගේ දේශයේ කුඹුරුවලට අවශ ජලය ඉතිරි කරගන්න දන්නේ නැහැ.
සේවා වාර්තාවක් ඉල්ලුවොත් අවුරුදු විස්සයි, තිහයි කියාවි. මේ අනුව නුදුරු අනාගතයේ දීම සරත් අමුණුගම මහත්තයා ගෙනා ජල කළමනාකරණ පනත බලහත්කාරයෙන් සම්මත කරවා ගන්නට එයට එරෙහි වුණු අයම ඉදිරිපත් වේවි. ඒ නිසා අද ආර්ථිකය බැංකු මය ආරක්ෂා කර ගන්නට අපි කාට කාටත් එක්කාසු වෙන්නට වෙයි. එහෙම නැති වුණොත් එක පෙළට හිංදි පිචර්වල වැටෙන බයිසිකල් පෝලිම් වාගේ අපිත් වැටේවි.


No comments:
Post a Comment