11/08/2012

මුත්තම්මයි නිල් අහසයි මහ පොළොවයි...



බාල්දියක් අතින් ගත් මා කොස් ගසෙන් ගසට ගොස් කුමක් කරන්නේ ද යන කුකුසින් දැවෙමින් දිව ආ නිවුන්නු සිය කදිම මුහුණු හකුළා ගත්තෝ ය.
“ඊයියා..” යි පුංචි පුතා පිළිකුලෙන් හඬ ගෑවේ ය.

සිපිරිගෙයි සාහිත්‍යය



හියු ලෙවින් දකුණු අප්‍රිකානු සුද්දෙකි. එංගල් බ්‍රෙෂ්ට් ද එසේම ය. බෝයර් ජාතිකයෙකු වූ ඔහු දකුණු අප්‍රිකාවට ආ සුද්දන්නට විරුද්ධව සටන් කළේ ය. පරාජය වූයේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ ය.

මුව අරණේ බිඳුණු සිහිනය



“පුතේ! අපි පන්සලේ ඉඳල එද්දී කුමාරසිංහ වත්තේ කැලේ අද්දර මුව ජෝඩුවකුයි පැටියෙකුයි දැක්කනෙ” මීට වසර අටකට පමණ පෙර දිනක ගල්කන්ද රජමහා විහාරයේ සිල් සමාදන් ව පසුදා නිවසට පැමිණි මගේ මව මා හට සැළ කළේ විස්මිත ආරංචියකි. එය විස්මය දනවන ආරංචියක් වූයේ මගේ බාල අවදියේ (60 දශකයේ) පටන් ම කිසි දිනෙක අප ගම් පළාතේ මුවන් සිටිනු මා දැක නැති හෙයිනි.

11/02/2012

ගීත ලියවා ගැනීමේ සයිමන් තියරිය


සයිමන් නවගත්තේගම මහතා පණ්ඩුකාභය නාටකය සඳහා ගී පද රචනා කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක් කළේ ය. ඔහු විසින් ගෙදරට ම පැමිණ මෙම ඉල්ලීම වාර ගණනාවක දී ම කරනු ලැබූව ද එදවස උකටලී සිතින් යුතුව සිටි මම පණ්ඩුකාභය නාටකය සඳහා ගීත රචනයට එතරම් උනන්දුවක් නොදැක්වීමි.

ලොකු සාදුලාගේ අවවාද


අඹ ගහ යටට එක් රැස්වන පුංචලාටත් පැංචිලාටත් හදිසියේම පණිවිඩයක් ආවා. ඒ පන්සලේ ලොකු සාදුගෙන්. පණිවිඩේ අරන් ආවේ පන්සලේ ඇබිත්තයා හැටියට වැඩකරන කළු මාමා.

ආගම නොතැකූ ධාර්මික මුනිවරයා!


මීදුම් සළුව ඉහිරී අරුණලු කෙඳිති පොල් රූප්පාවෙන් එබිකම් කරන මොහොත නෙතට රසඳුනකි. කො වේ මා වේ දෙපස තුරුවියන ගතට ද සැනසුමකි. ක්ෂූද්‍ර වීදියක් මහා වීදියක් බවට පරිවර්තනය වෙමින් පවතින පන්නිපිටිය - දෙපානම සරිය තවමත් ගතට සිතට විඩාවක් නොදෙනුයේ එම හේතුව ද නිසා ය.

කන්නන්ගර යුග මෙහෙවර


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1944 වසරේ බෝගම්බර හිරගෙදර සිටිය දී ලියූ “නිදහස් අධ්‍යාපනයේ ස්වරූප” නම් වූ ලියැවිල්ල කියවද්දී මට වඩාත් ප්‍රත්‍යක්‍ෂව දැනෙන්ට පටන් ගත්තේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ උදාර වූ ජාතික මෙහෙවර. කන්නන්ගරයන් හැඳින්වෙන්නේ “නිදහස් අධ්‍යාපනයේ පියා” වශයෙන්. ඔහු පිළිබඳ අනුස්මරණ ලිපි කීපයක්ම පසුගිය දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු මා දුටුවා.

පොලිස් කෝලම


ගිය වසරේ අපට මන්නාරමට යෑමට උවමනා වුණා. එහි යද්දී මාර්ග බාධකවලට හසු වෙන බවත් ගුවන් බලපත්‍ර පෙන් වූ විට නැති කරදරවලට මුහුණ දෙන්නට වන නිසා හොඳම දේ ජාතික හැඳුනුම්පත ඇති ව යාම බව මීට පෙර ඒ ගමන ගිය අයගෙන් ලැබුණ අවවාදයයි.

සොබාදමේ තතු නොදකින නෙතු


පෙර පාසල් යන කාලේ හැකි සෑම විටම ආච්චි අම්මාත් සමඟ සෙල්ලම් කිරීමට අප නිවසට දිව එන “නෙතු” දැන් පාසල් යයි. එදවස මා නිවෙසේ සිටී නම් හැකි සෑම විටම අපි දෙන්නා කිසියම් දෙයකට ඔට්ටු අල්ලන්ට හුරුව සිටියෙමු. පෙර පාසල් ගුරුතුමිය ගේ සුරතලිය වූ “නෙතූ” ඒ දිනවල මා සමඟ හරි හරියට හිටිවන කවි කියන්නියක වෙමින් සිටියා මට මතකය.

කොන්දොස්තරලගේ බස් විස්තර


අවිස්සාවේල්ලේ සිට හයිලෙවල් පාර ඔස්සේ කොළඹ බලා ඇදෙන පුද්ගලික බස්රිය ගමන් ඇරඹුවේ අලස සෙයියාවෙනි. ඒ එම බස් සේවයේ ස්වභාවයයි. ගමනේ මුල් කොටස ධාවනය වන්නේ හැකිතරම් මන්දගාමී ආකාරයට ය. පසුපස අසුනක සිටි මගේ ඇස් ද මඳින් මඳ අඩවන් වන්නට පටන් ගනියි. රියේ කොන්දොස්තර තැන ටිකට් නිකුත් කරන්නට පටන් ගත්තේ ය.

10/26/2012

ගල්සියඹලා මල්ල සහ මාළු කූරියෝ


නැඟෙනහිර අහස ඉදුණු දංගෙඩියක පැහැය සොරා ගෙන ඇත. අතරින් පතර සිහින් විදුලි රේඛා ඇඳී මැකී යයි. විසල් තැනිතලාවේ වියළි තණපත් සුන්බුන් අතරින් ළා තණපත් මතුවෙමින් පවතී. තන්හි තන්හි සුන්දර පතොක් මල් සිනාසේ. අපි වාකරේ පසු කරමින් සේරුනුවරට ළඟා වෙමින් සිටියෙමු.

නිවුණු ජාතියක්


අද දවස ටිකක් කලබලයි. දන්නා කියන හැමෝම වාගේ අඹ ගහ යටට ඇවිත් හිටියා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය ඉවරවීම ගොඩාක් අයගේ ගෙවල්වල ප්‍රශ්නයක් වෙලා තිබුණා. මහ උන් ඒ ගැන කතා කරද්දී පොඩි උන් කොන්වෙන එක නවත්වන්න විදිහක් තිබුණේම නෑ. අනෙක් අතට එක එක්කෙනා කීවෙ එක එක කතා.

දොළොස් මහේ පහන දැල්වෙයි



දොළොස් මහේ පහනෙ කවි අච්චු ගහන්න භාර දුන්න අයි. පී. බී. කියන ප්‍රෙස් එක තියෙන්නෙ කොළඹ 10 මරදානෙ. කොටුවෙ ඉඳල ටෙක්නිකල් හන්දිය පහුකරගෙන බොරැල්ල පැත්තට යනකොට, එදා එල්ෆින්ස්ටන් ෆිල්ම් හෝල් (අද රඟහල) එකට ඉස්සරවෙලා වම් අත පැත්තට හැරෙන්න තියෙන්නෙ ඩේවිඩ් මාවත. ඒක කෙළවර වෙන්නෙ නොම්මර 32 අයි. පී. බී. ප්‍රෙස් එකෙන්. 

අලස පුටුවේ නාට්‍යකාරයෝ


70 දශකයේ අග භාගයේ පමණ මරදානේ ඩේවිඩ් මාවත පටන් ගන්නා තැන පිහිටි ග්ලෝබ් මුද්‍රණාලය අප නිතර ආගිය තැනක් විය. එහි අධිපතිනිය මල්ලිකා තිලකරත්න නම් වූ ඉහළ පෙළැන්තියේ කාන්තාවක වූවා ය. ඇය නැති තැන වැඩ බැලුවේ ඈ පුතු කෝසල නම් වූ කඩවසම්, ප්‍රියමනාප තරුණයා ය.

මාලා මළා



“විජේ,” යි කියමින් සිසිර මා ළඟට පැමිණියේ ය. මම හිස ඔසවා බැලුවෙමි.
“මං මේ එන්නේ ඉස්පිරිතාලෙ ඉඳල, අල්ලපු ගෙදර සුනීතා මැරිලා... පාරේ යන වාහනේක හැපිලා”

බිංදුව ඉන්දියානුවන්ට



මා මිත්‍ර මහාචාර්ය විමල් දිසානායක මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකි. ලෝකයේ අනේකවිධ වියතුන් හා ප්‍රාඥයන්ද ඇසුරු කිරීමේ දුලබ භාග්‍යය ඔහු ලබා ඇත. සාහිත්‍යධරයන් ඇතුළු ලොව පිළිගත් නානා තරාතිරමේ පුද්ගලයන් ඔහුට ඇසුරු කිරීමට ලැබුණේ හවාහි ඊස්ට්වෙස්ට් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා වීමත් සමගය.

මරුට වසඟ වී



ගෙවුණු සත්වන ඉරුදින අපේ රටේ බොහෝ දෙනෙකුට අසිරිමත් දිනයක් විය. බාල, තරුණ, මහලු බොහෝ දෙන බලා සිටියේ රාත්‍රිය උදාවන තුරුය. කුසලානය අප සතු යයි සිතමින් බොහෝ ලාංකිකයෝ සිය නිවෙස්වල රූපවාහිනී යන්ත්‍ර වටා පෙළගැසුණහ.

ලාම්පු තෙල්වලින් වාහන දුවවපු කාලේ



යුද ගැටුම් පැවති අවුරුදු තිහක පමණ කාලයක් පුරා උතුරු නැඟෙනහිර පළාත්වල ජන ජීවිතය ගෙවුණ ආකාරය ගැන වැඩියෙන් ලියන්නය කියලා “බද්දර මල්ල” කියවන පාඨකයන් කීප දෙනෙක්ම විද්‍යුත් තැපෑලෙන් ඉල්ලා තිබුණා.

හීන හොරකම් කරන නගරය



පුංචි පන්තිවල ඉඳන් වසරින් වසර ඉහළ යන ජීවිතයට අධ්‍යාපනයෙන් වැඩි වටිනාකමක් ලැබෙන්නේ සරසවි හීනය ජය ගත්තහම කියන එක තමයි පාසල් කාලේ අපි හැමෝගෙම හිතුවිල්ල වුණේ. හැම දරු දැරියෙක් ම උසස් පෙළ කඩ ඉමෙන් පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නේ සරසවි හීනයේ සතුට ඇස් අග රඳවාගන්න ආසාවෙන්. 

කඟවේනුන් සමඟ විසූ බලංගොඩ මානවයා



ආචාර්ය පවුලස් එඩ්වඩ් පීරිස් දැරණියගල මෙරට හිටපු විශිෂ්ට ගණයේ බුද්ධිමතෙක්. ඔහු අන්තර්ජාතිකව පවා කීර්තිධර වූ පුරා විද්‍යාඥයෙක්. D.E.P Deraniyagala Commemortion Volume (1980) නම් වූ කෘතිය ආචාර්ය දැරණියගලගේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය ගැඹුරින් විමසා බැලෙන අගනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දෙන්ට පුළුවන්.